lan englan tam

පුවත්

වසර 27ක් පැරණි ස්වර්ණාගේ ස්වර්ණමය හීනය 'රාණි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය විසින් වසර 27ක් මුළුල්ලේ දකින හීනයක් වන 'රාණි' චිත්‍රපටයේ නිර්මාණ කටයුතු මේ වන විට තිර ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙමින් පවතී.

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිත කතාව පදනම් කර නිර්මාණය කෙරුණ 'රාණි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීම ස්වර්ණා මල්ලවාරච්චි පසුගිය වසර 27 මුළුල්ලේ දුටු හීනයයි.
'රාණි' චිත්‍රපටයේ පළමු පෝස්ටරය චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම 'ලයිකා' ආයතනය විසින් මීට පෙර එළිදැක්වුණ අතර එහි පූර්ව ප්‍රචාරක පටය නුදුරේදී එළිදක්වන බව 'රාණි' නිෂ්පාදනය කරන 'ලයිකා' සමාගම පවසයි.
බොහෝ සිනමා රසිකයින් බලාපොරොත්තු තැබූ චිත්‍රපටයක් වන 'රාණි' සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයකි.

Back to top
Go to bottom

Popular News