lan englan tam

පුවත්

ශ්‍රී ලංකාවේ අභිමානය කියූ අමෙරිකාවේ “පාස්පෝට් DC” උළෙල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල, සිය රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහා දැක්වීමට “පාස්පෝට් DC 2024” උළෙල සංවිධානය කරන අතර එම උළලේ දී 5000කට අධික වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වූ බව “පාස්පෝට් DC වැඩසටහන” නිළ වශයෙන් ප්‍රකාශ කළා.

යුරෝපයේ නොවන රටවල් 55ක තානාපති කාර්යාල අතර උළෙල පසුගිය 04 වැනිදා පැවැති අතර එම රටවල් අතරින් විශේෂ ආකර්ෂණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය පළකර තිබෙනවා.

එම අවස්ථාවට පැමිණි පිරිසට ලංකාවේ රස කැවිලි, උණුසුම් හා සීතකල තේ සංග්‍රහයක් ලබා දුන් අතර පිටවන විට ද රසකැවිලි හා තේ පාර්සල් ලබාදුන් බව වාර්තා වෙනවා. “ග්‍රොසරි ලංකා” ඇතුළු පෞද්ගලික ව්‍යාපාරික අංශය මගින් ලංකාවේ නිෂ්පාදිත බිස්කට්, කුරුදු හා පාන වර්ග ද ලබා දුන් බවත් සදහන් වෙනවා.

බෙරවාදන, සළු පාලියට අදාළ යකෙකුගේ වෙස් ගත් රංගනයන් ආදී බහු සංස්කෘතික කලා අංග රැසකින් එම උත්සවය වර්ණවත් වුණා. යකා සමග හා සරම හා ඔසරි ඇඳ ඡායාරූප ගැනීමට ද ඇමෙරිකානුවන් දැක්වූ උනන්දුව එම උළළේ දී කැපී පෙනුනා.

 

Sri Lanka News

Back to top
Go to bottom

Popular News