lan englan tam

පුවත්

රවී - සිනමා අඩසියවසක ආත්මභාෂණය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික සිනමා කලාවට අගනා මෙහෙවරක් කරමින් සිනමාත්මක මතක රැසක් ගෙනා ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ සිනමා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර උළෙලක් පැවැත්වීමට ඔහුගේ හිතවතුන් සහ පවුලේ සාමාජිකයින් කටයුතු කර තිබේ.

ජුනි 05 වැනිදා සවස 06ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී රවීන්ද්‍ර රන්දෙණියත් සමග සිනමාවේ ස්වර්ණමය යුගයක් වෙනුවෙන් සම්බන්ධ වූ නව පරපුරේ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර ප්‍රාසාංගික සැඳෑවක් හැටියට මෙම උපහාර උළෙල සංවිධානය කර තිබේ.
ස්වර්ණා මල්ලවාරච්චි, මාලිනී ෆොන්සේකා, සාරංග දිසාසේකර එහිදී රවීන්ද්‍ර රන්දෙණිය රංග පෞරුෂය ගැන විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කිරීමට නියමිතය.
රවීන්ද්‍රගේ සිනමා ජීවිතය ගැන වාර්තා වැඩසටහනක්ද එහිදී එළිදැක්වීමට නියමිත අතර උපහාර පිණිස ගාමිණී වේරගම සිංහලෙන් සහ උදිත දේවප්‍රිය ඉංග්‍රීසියෙන් රචනා කළ සටහන් පුස්තකයක් එහිදී එළිදැක්වීමද සිදු කෙරේ.

 

Back to top
Go to bottom

Popular News