lan englan tam

පුවත්

හරියට කරනවා නම් කොපි කිරීම නරක නැත; උපුල් දිසානායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජැක්සන් ඇන්තනීගේ අලුත්ම සහ අවසන් රඟපෑම ඇතුළත් තිරගත වීමට නියමිත 'සීරුවෙන්' චිත්‍රපටය සහ කොපි කිරීමේ සිනමාව සම්බන්ධයෙන් උපුල් දිසානායක 'සිනමාවේදීන්' ෆේස්බුක් පිටුවට ලියූවකි.

ලංකාවේ තරුණ ප්‍රජාව තුළ ඉතා විශාල විරෝධයක් නිර්මාණය වෙලා තියෙනවා ෆිල්ම් රීමේක් සම්බන්ධව..

ඇත්තටම එහෙම අකමැත්තක් ඇති වෙන්නට හේතු වන්නට ඇත්තෙ ඔරිජිනල්ස්වලට වඩා කොපි නිර්මාණය වීම..
ඒවා ගුණාත්මකබාවයෙන් අඩු වීම
සහ "මම අහවල් චිත්‍රපටයට ආසයි..ඒ නිසා මම ඒක ප්‍රතිනිර්මාණය කරනවා.. කැමති කෙනෙක් ඉන්නවනම් ඇවිත් බලන්න"
කියන අභීත ප්‍රකාශය කරන්නට එඩිතර නොවෙන ඒවායේ නිර්මාණය කරුවන්ගෙ බොරු ආටෝප ප්‍රචාරණය නිසා සහ ලංකාවේ සමහරක් චිත්‍රපට නිර්මාණකරුවන් හිතාන ඉන්නවා ලංකාවේ චිත්‍රපට බලන ප්‍රෙක්ෂකාගාරය පට්ට මෝඩයො රැළක් ඉන්නෙ, උන්ට ඔය උඩින් පල්ලෙන් මොකක් හරි ගහල දුන්නම ඇති කියලා..
මම මේ ටික කිව්වෙ ☝️ මේ පින්තූරය ⤵️ සම්බන්ධ කරල නෙමේ.. මේ චිත්‍රපටය ගැන ඉතිං හැමෝම දන්නවනෙ.. ඩොන්'ට් බ්‍රේත් එක කියලා.. හැබැයි මෙහි අධ්‍යක්ෂකතුමා පම්පොරි ගහන්න ගියේ නැ. පාඩුවෙ චිත්‍රපටය හදල දැන් රිලීස් කරන්නට නියමිතයි.. මම හදවතින්ම සුබ පතනවා..
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️ විශේෂයි
කොපි කිරිල්ල නරක දෙයක් නෙමේ.. රීමේක් කිරිල්ල ලෝක සිනමාවෙ අලුත් දේකුත් නෙමේ..
මම ඔයාලට කියන්නම්.. ඔය කොපි ගැන තියෙන අනියත බිය පහව යන්නට හොඳ උදාහරණ දෙකක්..
මම දන්නට තරමට මේ දෙක තමා මේතෙක් ඉතිහාසයේ කෙරිච්ච දඩාරම කොපි 02
1. අග්‍ර අධ්‍යක්ෂ අකිරා කුරසාවාගේ විශිෂ්ට චිත්‍රපටය Yojimbo 1961..
කොපි කරනවා.. ලෝකාග්‍ර චිත්‍රපට අධ්‍යක්ෂ Sergio Leone.. විසින් A Fistful of Dollars නමින්...
2. වත්මන ලෝකාග්‍ර අධ්‍යක්ෂක Martin Scorsese විසින් The Departed 2006 චිත්‍රපටය හදාගන්නට අමුවට කොප්ප ගහන්නෙ.
2002දි Hong Kongවල හදපු film එක Infernal Affairs එකෙන්..
හොඳම වැඩෙ කියන්නෙ ස්කෝසෙසි ලොක්කා.. ඩිපාටඩ් එකට won several accolades, including four Oscars at the 79th Academy Awards: for Best Picture, Best Director for Scorsese (his only personal Oscar win to date), Best Adapted Screenplay for Monahan, and Best Film Editing for editor Thelma Schoonmaker

Back to top
Go to bottom

Popular News