lan englan tam

පුවත්

සේනක දඹවින්නගේ 'මාගේ දේශය අවදි කරන්නට නම්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙදහස් හතලිහේ දැක්ම හෙවත් 'විෂන් 2040 ලිමිටඩ්'හි සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සේනක දඹවින්න මහතා විසින් සම්පාදිත එකී සමාගම විසින් ප්‍රකාශිත 'මාගේ දේශය අවදි කරන්නට' නම් ග්‍රන්ථය දොරට වැඩීම හෙට (02) සවස කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ලංකාව හසු වී සිටින දරිද්‍රතා උගුලෙන් ගලවා සෞභාග්‍යමත් දේශයක් බවට රට පරිවර්තනය කිරීම සඳහා ප්‍රායෝගික යෝජනාවලියක් ඉදිරිපත් කරන මෙම කෘතියේ වර්තමානයේ රටම විඳවමින් සිටින බවත් එයට හේතුවක්ද හේතුව නැති කිරීම සහ එකී හේතුව නැති කිරීමේ මාර්ගයත් මෙම ග්‍රන්ථයේ හරය ලෙස දැක්වේ.
දෙදහස් හතළිහේ දැක්ම නැතහොත් Vision2040 Limited යනු වර්ෂ 2040 වන විට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ලංකාවද ඇතුළුව ලෝකය පුරා වාසය කරණ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරික නායකයින්, නව නිපැයුම්කරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්,කර්මාන්තකරුවන්, කෘෂිකාර්මිකයින් සහ උපාධි අපේක්ෂකයින්, පක්ෂ දේශපාලන මැදිහත්වීමකින් තොරව සාමූහික ප්‍රයත්නයක් ලෙස ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික සහ සිවිල් සමාජ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලාංකික සංවිධානයකි.
එය සමාජ ව්‍යවසාය රාමුවක් තුළ සීමා සහිත සමාගමක් ලෙස 2021 අගෝස්තු මාසයේදී ලියාපදිංචි කර තිබේ. නව අදහස් ජනනයන්ට, සමාජගත කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ඇප කැප වී සිටින දෙදහස් හතළිහේ දැක්ම නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටී. සංවිධානයේ මෙහෙයුම් නුගේගොඩ පිහිටා තිබෙන කාර්යාලයේ සිට සිදු කෙරේ.

Back to top
Go to bottom

Popular News