lan englan tam

පුවත්

බලලා නැත්තං බලන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
බැලු බැල්මට බොහොම සරල අනුභූතියකට අනුව ගොඩ නැගුණ කතාවක්.ලෝකෙට පේන්න ඉතා යහපත් පවුල් ජීවිතයක් ගතකරන බව පෙන්නන සුචරිතවාදී මහත්මා ගති පෙන්වන සැමියෙක් ,සැමියා කෙරෙහි දාස මාතු සඛි බාරියා සියල්ලම පෙන්වන බාරියාවක්.ඇඟළුම් කම්හලක තමන්ගෙ රූපයෙන් ඕනම පිරිමියෙක්ව දඩයම් කරගන්න හපන් සෙල්ලක්කාරි තරුණියක් වටේ තමා මේ කතන්දරය යන්නෙ.
සාරංග දිසාසේකර කියන්නෙ කොයිතරම් දක්ෂ නළුවෙක්ද කියලා තව තව ත් ඔප්පු කරල පෙන්නන නාට්යයක්.තාම විකාශය වෙලා තියෙන්නෙ කොටස් දෙකයි.දිනක්ෂි කියන්නෙ මම කැමති නිළියක් නෙවෙයි ."නිළියක්" විදිහට දිනක්ෂිගෙන් කවදාවත් මම දක්ෂකමක් දැකල නොතිබුනාට අඩේ දිනක්ෂිගෙ ඇක්ට් එක කියලා කියන්න පුලුවන් රංගනයක් take care එකේ අපිට පේනවා.
රෙබෙකා ගැන කතා කරන්න දෙයක් නෑ.මෑත කාලයේ බිහිවෙලා තියෙන සුපිරි ම රංගන ශිල්පිනියක් තමයි රෙබෙකා කියන්නෙ .ආයාසයකින් තොරව රඟපානවා කියලා නොපෙනී නොදැනී තමන්ගෙ චරිතයට ආරූඩ වෙලා වැඩේ කරන කෙල්ලෙක්.ඒක teke care එකේ අසේනිගෙ චරිතය දිහා බලන් යද්දි හොඳටම පේනවා.තාම කතාව හිතාගන්න බෑ.මේක මිනි ස්ටෝරි ගනයේ එකක් වෙන්න ඕනෙ.ඒ නිසා සීමිත කොටස් ප්රමාණයකින් ඉවර වෙයි.
අනුෂ්ක රසාංජන කියන්නෙ ත් බොහොම ලස්සනට ලියන මල්ලි කෙනෙක්.මහලොකු ආදර්ශ පණිවිඩ දෙන ලොකු කතා තේමා නැතුව එදිනෙදා ජීවිතේ හැල හැප්පීම් ගැබ බොහොම අපූරුවට ලියන්න පුලුවන් කෙනෙක් .මේකෙ අධ්යක්ෂණය ත් ඒ මල්ලිගෙම නිසා වෙන්න ඇති කතාව සෑහෙන රසවත්.පටන් ගැන්මේ ඉඳලම ආසාවෙන් කුතුහලෙන් බලාගෙන ඉන්න පුලුවන් කතාවක්
බලල නැත්තං බලන්න.
 
තනූජා ලුම්බිණි පළ කළ ෆේස්බුක් සටහනකිනි.
Back to top
Go to bottom

Popular News