lan englan tam

පුවත්

ආයිමත් ලකුණු මදි; සමන් සමරක්කොඩි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ඔබ මේ දකින්නේ ලොව වටිනාම කලා කෘතිවලින් එකක් ලෙස සැලකෙන රැසියානු ජාතික චිත්ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් ගේ
'Low Marks Again,'(ආයිමත් ලකුණු මදි) සිතුවමයි.
1952 දී අඳින ලද මෙම සිතුවමින් අධ්යාපනය පිළිබඳ ප්රබල පනිවිඩයක් ලොවට දී තිබේ. විභාගය අසමත්වී පාසලේ සිට නිවසට පැමිණි දරුවකු සිය පවුල විසින් පිළිගන්නා ආකාරය සිතුවමේ දැක්වේ. මුළු පවුලම ඔහු දෙස බලා සිටින්නේ වැඩකට නැති එකකු දෙස බලනා අයුරිනි. බාල සහෝදරයා නක්කලේට සිනා සෙයි. නමුත් නිවසේ ඇති දැඩි කරන බලු තඩියා පමණක් දරුවාව වෙනදා මෙන්ම සාදරයෙන් උණුසුම් අයුරින් පිළි ගනී. දරුවා විභාගය අසමත් වීම ඌ තකන්නේ නැත.
චිත්ර ශිල්පියා මෙම නිර්මාණය තුළින් ලොවට සරළ පාඩමක් කියා දීමට උත්සහ දරයි. අපි දරුවාට සැලකිය යුත්තේ බල්ලා කරන අයුරිනි. දරුවා විභාගය සමත්ද අසමත්ද යන්න බල්ලා ට වැඩක් නැත. ඌ ආදරය කරන්නේ දරුවාටය.
Back to top
Go to bottom

Popular News