lan englan tam

පුවත්

ලංකාවේ සිනමා ඉතිහාසය ගැන වාර්තාමය චිත්‍රපටය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවෙ සිනමා ඉතිහාසය පිළිබඳව සකස් කරන වාර්තාමය චිත්‍රපටය පිළිබඳව 'සිනමාවේදීන්' සමූහයට සංජය දිසානායක විසින් පසුගියදා සිය අදහස් ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සිනමාව පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධය ලබා දීමේ අරමුණින් 1982දී නිෂ්පාදනය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයේ ලංකාවේ සිනමා ඉතිහාසය මෙන්ම චිත්‍රපට තිරපිටපතේ සිට නිෂ්පාදනයේ අවසාන අදියර තෙක් ඉතා පැහැදිලිව සහ සරලව අන්තර්ගත තිබේ.

ඇන්ඩෲ ජයමාන්න විසින් පිටපත සහ අධ්‍යක්ෂණය සිදු කරන ලද මෙම වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදනය ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාණන් විසින් සිදු කරනු ලැබ තිබේ. මෙහි පසුබිම් හඬ සැපයුම චාන්දනී සෙනෙවිරත්න, නිව්ටන් රූපසිංහගෙනි.

ඉදිරිපත් කිරීම කතෝලික සිනමා පර්ෂදය විසිනි.
"ඒ කාලෙ හැටියට සමහර Scenes අතර තියන Transitionsඅගය කළ යුතුයි. සිනමාකරණය ගැන ඇල්මක් තියන අය නැරඹිය යුතුම එකක්." යනුවෙන් සඳහන් කරමින් සංජය දිසානායක මෙය පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News