lan englan tam

පුවත්

Anti-Hero Type බිමල්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බිමල් ජයකොඩි මීළඟට නිකුත් කිරීමට නියමිත ප්‍රියන්ත කොළඹගේ සිනමා නිර්මාණය වන 'මන්දාරා'හි රංගනයෙන් දායක වේ.

එහි ඔහු රඟපාන චරිතය පිළිබඳව 'බ්ලොග් ලේඛකයෙකු' වන සංජේ රණවක විසින් මෙසේ රසවත් ලෙස සටහන් කරනු ලැබ තිබිණි.

බිමල් ජයකොඩිගේ​ මේ Photo එක දැක්කාම තනිකරම දකුණු ඉන්දියානු චිත්රපටයක ඉන්න Anti-Hero Type කෙනෙක්ව පේන්නේ..
හරියටම කිව්වොත් වික්රම් සහ කමල් හසන්ගේ දියණියක් වන අක්ෂාරා හසන් රඟපාන Kadaram Kondan (2019) චිත්රපටයේ වික්රම් රඟ දැක්වු ප්රධාන චරිතය වූ KK ගේ චරිතය..
පොර ඒකේ Hero කෙනෙකුට වඩා රඟපාන්නේ Anti-Hero Type චරිතයක්... බිමල්ගේ මේ පෙනුම තනිකරම KK ට මැච් වෙනවා.
අවාසනාවකට ඒ වගේ Action, Thriller චිත්රපටයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියන එක ප්රශ්නයක් බිමල්ගේ මේ පෙනුම තනිකරම ඒ වගේ තියෙද්දී..
අපේ රටේ නළුවෝ නිළියෝ තමන්ට කරගන්න හානියක් තමා හැමදාම ප්රේමවන්තයා හෝ වන්තිය නැත්නම් Hero Heroine චරිතය කරන්න යන එක..
ඊයේ පෙරේදා Post එකක් දැක්කා හාරලක්සය චිත්රපටය ප්රතිනිර්මාණය කරන එක ගැන. එතනදී ගොඩාක් අය කියලා තිබුණා ඒකේ චරිත ප්රතිනිර්මාණය කරන්න තරම් රළු​ පෙනුම තියෙන නළු නිළියෝ නෑ කියලා.. මිනිස්සුන්ට ඔහොම හිතුණේ ඇයි කියලා බැලුවොත් මට හිතෙනවා අපේ නළු නිළියෝ තමන්ගේ Career එක ඇතුළේ Experiment කරන්න බය නිසා කියලා..
තමන්ගේ Potential එක එයාලාම සීමා කරගෙන, ටිකක් රළු චරිතවලට බහින්නෙ නැතුව අර රෝසමල් චරිත කළාම හරි එතකොට තමා ප්රේක්ෂකයෝ ආදරේ කියලා හිතනවා.. ඕක ප්රේක්ෂකයන් ද වගකියන්න ඕන. දැන් බිමල් එහෙම කියලා නෙමෙයි මේ කිව්වේ ඈ.. බිමල්​ගේ මේ Photo එකේ අර නෑ කියලා ප්රේක්ෂකයා හිතන රළු පෙනුම තියෙනවා. ඉතින් රළු පෙනුම එළියට අරන් වැඩක් ගන්නයි ඕන..
මේක බිමල් සමහර විට එයාගේ අලුත් නිර්මාණයකට කරපු එකක් වෙන්ඩ ඇති..
කොහොම වුණත් Point එකක් තමා අපේ සිනමාවට ගොඩ යන්න බැරි Musical Video වල Type චරිතම නැතුව නළු නිළියොත් ටිකක් අන්තයට බැහැපු චරිතත් කරන්න ඕන කියලා..
පරණ පරම්පරාව ඒ වැඩේ කළා, අලුත් අයත් සුකුමාල චරිත නැතුව ඒ වැඩේම කළා නම්.....
Back to top
Go to bottom

Popular News