lan englan tam

පුවත්

මාලනීගේ මිණිබිරියක් ඇමරිකාවේ කරාතේ ශූරියක වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සසර චේතනා' චිත්‍රපටයේ කරාතේ ශිල්පිනියක ලෙස සටන්කාමී චරිතයක් රඟපෑ මාලනී ෆොන්සේකාගේ ඥාති දියනියක වන තරින්දි ෆොන්සේකාගේ දියනිය මන්මිතා ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජාතික කරාතේ ශූරතාවලියේ මේරිලන්ඩ් ප්‍රාන්තය නියෝජනය කරමින් වයස අවුරුදු 14න් පහළ රිදී පදක්කම දිනාගෙන තිබේ.

මේරිලන්ඩ් හි 'සෙන්ශි කරාතේ ඩූ' පාසලේ ශිෂ්‍යාවක ලෙස මෙම තරඟාවලියට සහභාගි වූ මන්මිතාට සුබ පතමින් එම පාසල විසින්ද ඇයගේ ජයග්‍රහණය අගය කරනු ලැබ තිබිණ.
මාලනී ෆොන්සේකා සහ දමයන්ති ෆොන්සේකාගේද මිනිබිරිය වන මන්මිතා සිය මිත්තණියක වන මාලනී සිනමාවේ සටන්කාරිනියක ලෙස රඟපෑම හැබෑවටම සිය ජීවිතය තුළදී ඇමරිකාවේ සටන්කාරියක ලෙස සිදු කිරීම පිළිබඳව ඇගේ පවුලේ සියලු දෙනා ප්‍රීතියට පත්ව තිබේ.
මෙය මන්මිතාගේ ජීවිතයේ පළමු ජාතික තරඟාවලි ජයග්‍රහණයක් වේ.

Back to top
Go to bottom

Popular News