lan englan tam

පුවත්

වෙස් වලාගෙන පාර අයිනක ගී ගැයූ සෝනු නිගම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ සුපිරි ගායක සෝනු නිගම් මහලු මිනිසෙකු සේ වෙස්වලාගෙන, පැරණි සර්පිනාවකුත් අතැතිව නගරයට යන්නේ සංගීතයට සහ ඔහුගේ කටහඬට මිනිසුන්ගේ තිබෙන සැබෑ ප්‍රතිචාරය කුමක්ද යන්න ගැන දැනගැනීමට. ඔහු යන්නේ අයට නොපෙනෙන අයුරින් ඔහුව ‍විඩියෝ කරන කන්ඩායමක්ද සහිතවයි.

ඔහුගේ හඬට වශී වන තරුණයෙක් මුලින්ම ඔහු සමීපයට පැමිණ ඔහුව අගයනවා.
"ඔබේ කටහඬ හරිම ලස්සනයි. මම රෙකෝඩ් කරගන්නද?" ඔහු අහනවා.
තරුණයා සමඟ සිනාසෙන මහල්ලා 'කල් හෝ න හෝ' චිත්‍රපටයේ ජනප්‍රියම ගීයක් ගායනා කරනවා. එතැනින් යන බොහෝ දෙනෙක් නැවතිලා ඔහුගේ කටහඬට සවන් දෙන්නේ පුදුමයෙන්.
ගීය ගයා අවසන්වුනාම අර තරුණයා, මහලු ගායකයාගේ අත අල්ලාගන්නවා. ඔහු කාටත් නොපෙනෙන පරිදි රුපියල් 12.00 ක් ඔහුගේ අතෙහි තබනවා. ඒ මුදල ඒ මොහොතේ ඔහු සතුව තිබූ මුදල වෙන්නත් ඇති.
මහල්ලා ඉන්පසු එතැනින් ඉවත්ව යනවා.
තම කාර්යාලයට ගොස් මහලු වේශය අත්හරින සෝනු අර තරුණයා දුන්න රුපියල් 12.00 රාමුකර ඔහු අසලින් තබා ගන්නවා.
එසේම ඔහු, අන්තර්ජාලය හරහා පණිවුඩයක්ද දෙනවා. ඒ තමයි,
" කිසිවෙකුටත් නොපෙනී ඔහු මට දීපු රුපියල් 12.00 මට ලක්ෂ ගනනක් ලැබුනාටත් වඩා වටිනවා"
ඔහු ඒ කිව්වේ යමක් දෙනවා නම ගහගෙන, පින්තුර අරගෙන, අනුන්ට පෙන්නමින් දෙන්න උවමනා නැති බව.
මේ දෙයම තමයි සුනිල් ආරියරත්න මහාචාර්යතුමා වචන පේලි දෙකකින් ලිව්වෙත්..
"ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොඉදෙන පැළක රහසින්..."

ජනක බොරලැස්ස මීට වසර 04කට පෙර ලියූ සටහනකි.

Back to top
Go to bottom

Popular News