lan englan tam

පුවත්

කුතුහලයෙන් නරඹන්න 'මන්දාරා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියන්ත කොළඹගේ අලුත්ම සිනමාපටය 'මන්දාරා' අද (26) සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

දිවයින පුරා සිනමාහල්වලදී අද සිට චිත්‍රපටය නැරඹීමට රසිකයින්ට හැකියාව ඇති අතර ප්‍රියන්ත කොළඹගේ විසින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණයක් වන 'මන්දාරා' මේ වසරේ නැරඹිය යුතුම චිත්‍රපටියක් ලෙස සිනමා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වී තිබේ.
චිත්‍රපටයේ සේමිණී ඉද්දමල්ගොඩ, චානුක ප්‍රබුද්ධ, මේඝා සූරියආරච්චි, චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, මාධනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, සහේලි සදිත්මා, ඉමානි කළුාරච්චි, දසුන් කොළඹගෙ, මේඝ කාවින්ද කොළඹගේ, ශ්‍රියානි කොළඹගේ රංගනයෙන් දායක වෙති.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්, සිනමා නිර්මාණය රුවන් කොස්තා සහ නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි. 

Back to top
Go to bottom

Popular News