lan englan tam

පුවත්

මෙවුන්දම් ගෙතූ රතීගේ කතාව අගෝස්තු 09 සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වසර 35කට අධික කාලයක් ප්‍රංශ සිනමාවේ සහ රූපවාහිනියේ රඟපාමින්, එරට ජනප්‍රිය තරුවක් වූ ලක්ෂාන් අබේනායක ප්‍රධාන චරිතයකට ජීවය දෙමින් සිංහල සිනමාවට එක්වන “දූෂ්රා” සිනමා සිත්තම එළඹෙන අගෝස්තු 09 වන දින සිට, එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ සිනමා ශාලා ප්‍රධානව දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත. මෙය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් ප්‍රකටව සිටින චන්න දේශප්‍රිය තිර රචනය ලියමින් ප්‍රේක්ෂකයා අතරට රැගෙන එන දෙවන සිනමා නිර්මාණයයි.

සිය රුවැති සිරුර වෙළඳ මෙවලමක් කරගනිමින් ආර්ථිකය සවිමත් කර ගැනීමට වෙර දරන ”රතී” නමැති සොඳුරු යුවතියත්, ඇයගේ පෙම්වතා වූ, රැකියා විරහිත අනිල් හා අන්සතු පුරවමියක් අපහරණය කර රඳවා තබා ගන්නා ලකී යන චරිත ත්‍රිත්වය ප්‍රධාන කර ගනිමින් තිරයේ දිග හැරීමට නියමිතව ඇති “දූෂ්රා”, වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමා සිත්තමක් ලෙසින් ලේබල්ගතව ඇත.
මෙහි චරිත නිරූපණයෙන් තිලක්ෂිණී රත්නායක, ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රන්වල, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දි, නදීශානි පේලිආරච්චි, සමන්ත පරණලියනගේ සහ රෝහිත් මාන්නගේ ඇතුලු රංගන ශිල්පීන් පිරිසක් එක් වී ඇත. සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවලද, කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායකත්, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් රෝහිත ජයලත් සමඟින් නිපුණි සාරධාද, සම නිෂ්පාදනයෙන් හසානි කිතලගම එක්වී ඇති “දූෂ්රා” මාර්ක් ටෙසියර් සමගින් ලක්ෂාන් අබේනායක විසින් නිෂ්පාදනය කර ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News