lan englan tam

පුවත්

මාධ්‍යවේදී සුගත්ගේ 'අරුන්දතී'ට රත්න කලා සම්මානය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදියෙකු ලෙස වසර තිස් දෙකක් සේවය කළ සුගත් ශාන්ත මොරගහකුඹුරගේ "අරුන්දතී මං මනමාලයි" වේදිකා නාට්‍යය පසුගියදා රත්න කලා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලැබීය.

කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ සම්මාන උළෙලේදී 2024 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙම සම්මානය හිමි විය. මාධ්‍යවේදියෙකු ලෙස ආයතනගතව සේවය කළ කාලයේ විවිධ සම්මාන ලැබූ නමුත්, නාට්‍යකරුවෙකු ලෙස සම්මාන ලැබූ ප්‍රථම අවස්ථාව වන මෙය තමන්ට බොහෝ වටිනා බව සුගත් ශාන්ත මොරගහකුඹුර පවසයි.
මෙය "අරුන්දතී මං මනමාලයි" නාට්‍ය කණ්ඩායම සාමූහිකව ලබා ගත් ජයක් බවත් සම්මාන දිනූ අනෙකුත් මාධ්‍යවේදීන් වෙනුවෙන්ද තමන් සතුටු වන බවත් ඔහු පවසයි.

Back to top
Go to bottom

Popular News