lan englan tam

පුවත්

දූෂණයට එරෙහි වීමේ නිර්භීතකම පෙන්වූ චරිත දෙකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'පිතා' අවුරුදු නවයක් වියැති තමන්ගෙ දියණියව දූෂණය කරලා මැරෙන්න විසිකරලා ගිය ගමේ කෙරුමා වුනු ථාකූර්ගේ පුත්තු දෙන්නගෙන් පළිගන්න යන ඊටපස්සෙ ඒ පළිගැනීම තවත් දිග් ගස්සගන්න දුප්පත් තාත්තෙකුගෙ කතාවක්.

හොඳම රිවෙන්ජ් ස්ටෝරියක්.
තාත්තා හෙවත් නමින් රුද්‍රාගෙ චරිතය රඟපාන්නෙ සංජේ දත්.ඔහුගෙ බිරිඳ, මරණාසන්නව ඉන්න දැරියගෙ අම්මා විදිහට රඟපාන්නෙ නන්දිතා දාස්.
පිතා බලපු දවස මට අද වගේ මතකයි.දිනය හරියටම මතකයේ නැතිවුනත් 2002 අවුරුද්දෙ මුල් කාර්තුවෙ දවසක්.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලන්න ඉස්කෝලෙට ගිය දවස.
ප්‍රතිඵල එහෙම බලලා සමත්වීම තහවුරු කරගෙන මායි ඡතුර ඪෙවප්‍රියයි මේ වෙන කොට නැති කුරුණෑගල ජුපිටර් හෝල් එකේ ඕ.ඩී.සී එකේ ඉඳගත්තෙ තියන චිත්‍රපටිය ගැන ලොකු අදහසකින්ම නොවුනත් පිතා,හොඳම සිනමා අත්දැකීමක් වුනා.
රුද්‍රාගෙ පළිගැනීමෙ එක් අවස්ථාවක් තියනවා අස්පයෙක් පිටේ නැගලා ,දෑත දෙපසට විහිදවමින් යටත් වෙන්ඩ වගේ එන ඉරියව්වකින් ඇවිත් අත් දෙක හිමිහිට බෙල්ල පිටුපසට අරන් පිටේ හංගගෙන ඉන්න පොරවකින් ථාකූර්ගෙ මැරයෙකුගෙ හිසටම පහරදෙන දර්ශනයක්.
ඊට අවුරුදු කීපයකට පස්සෙ තමයි,මෙල් ගිබ්සන් රඟපාන බ්‍රේව්හාට් බලන්න හම්බවෙන්නෙ.
බ්‍රේව්හාට් චිත්‍රපටියෙ, සර් විලියම් වොලස් තමන්ගෙ පෙම්වතිය ඝාතනයෙ පළිගැනීම වෙනුවෙන් ආපහු ගමට එන්නෙත් ඒ විදිහටමයි. අස්පයෙක් පිටේ නැගලා දෑත් දෙපසට විහිදවමින් ඇවිත් පිටේ සඟවගෙන ඉන්න නන්චාකුවක් වැනි ආයුධකින් ඔහු ඉස්සරහට එන නිර්භීතම සොල්දාදුවගෙ හිසට පහර දෙනවා.
බ්‍රේව්හාට් හැදෙන්නෙ 1995දි, පිතා ඊට අවුරුදු හතකට පස්සෙ.
මහේෂ් මන්ජ්‍රෙකා ඒ සීන් එකට ආභාෂය ගන්නෙ ,මෙල් ගිබ්සන්ගෙන්.
සීන් දෙකම අයිකොනික් කරන්න රුද්‍රා සහ සර් විලියම් වොලස් විදිහට රඟපාන නළුවො දෙන්නා,සංජේ දත් සහ මෙල් ගිබ්සන් සමත්වෙලා තියනවා.
ඒකයි අදටත් මතක !

නිරෝෂ් ගුණසේකර

Back to top
Go to bottom

Popular News