විමල් කැටිපේආරච්චි ලියපු අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණ තේමා ගීතය පටන් ගන්නේ...
"සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා..
සුවහස් හදවත් ගැහෙනා රාවේ
මිනිසෙක් එනවා.." කියළා.
අනුර, මගේ රටේ ජනාධිපති විය යුත්තේ ඇයි කියන මගේ හේතුව එහෙම් පිටින්ම ඒ පද ටිකේ තියෙනවා.
සුද්දගෙන් නිදහස ලබපු දා ඉඳලම අපි බලාගෙන හිටියේ දියසේන කුමාරයෙක් - දුටුගැමුණු කෙනෙක් - විහාරමහාදේවියක් වගේ අපිට 'ඉහලින්' ඉඳන් අපිව දකින ගැලවුම් කාරයෙක් වඩිනකල්. අපිව පාලනය කරන්න පාලකයෙක් වඩිනකල්. එහෙමත් නැත්තන් අද තත්ත්වය ගත්තොත් තුන් වේල ජීවිතේගැටගහන්න පිළිවෙලක් හදන මාර මොළයක් එහෙම නැත්තන් දාසයෙක් වගේ කකුල් දෙක මුල වැටෙනවා කියන පුද්ගලයෙක් අපේ පාලකයා කරගන්න.
කොහොම වුනත් ඉතිහාසය පුරාම රජවරුන්ගේ බත් බැලයෝ වෙලා ඉඳපු ජාතියක් විදිහට අපිට ඉහලින් ඉඳන් අපිව පාලනය කරන නායකයෙක්ට අවනත වීම ජානගත වෙලා තිබුණා. එහෙම බෑ මේක අසාධාරණයි.. අපි උඹලගේ වහල්ලු නෙවෙයි කියළා හිතළා ගහපු කැරලි හොඳට හෝ නරකට 1818දිත්, 1848දිත්, 1971දිත්, 1989දිත් අසාර්ථක වුණා.
හැබැයි 2022දි ඒක අදියරකින් ජයග්රහණය කරළා අඩි කීපයක් ආපස්සට ගන්න වුණා.
2022 දි පටන් ගැණුනු අරගලයේ සැබෑ ජයග්රහණය ආරම්භ වෙන්නනම් නිදහසින් පස්සේ මේ රට පාලනය කරපු ප්රභූ පැලැන්තියෙන් සාමාන්ය පුරවැසියන්ගේ අතට 21වැනිදා බලය හුවමාරු වෙන්න ඕන..
ඒක සියවස් ගණනක් බලාගෙන උන්නු මොහොතක්. සටන් කරළා, ජීවිත පරිත්යාග කරළා බැරිවුණු ඒ ජයග්රහණය පැන්සල් පාරවල් දෙකකින් ලබාගන්න පුළුවන් වෙනවා. ඒ ඵෙතිහාසික මොහොතේ පංගුකාරයෙක් වෙන්න අපි හැමෝටම පුළුවන්. එහෙම නැත්තන් අපිට ඕවා කැප නෑ, ඔය උත්තමයන්ගේ වැඩවලට අපි ආශිර්වාද කරනවා, අපිව බලාගන්න දෙයියෝ කියළා අනුරට විරුද්ධ පාර්ශ්වයට කතිරය ගහළා ඉතිහාසය පුරාම තමන්ගේ එවුන්ව පාවාදුන්නු පරම්පරාවට එකතු වෙන්නත් පුළුවන්.
තීරණය තම තම නැණ පමණින් ගන්න තමයි තියෙන්නේ.
එතැනින් පස්සේ AKD ප්රමුඛ මාලිමාව රට මොන වගේ පරිවර්තනයකට ගෙනියනවද කියන දේ බාර වෙන්නේ අනාගතයට. හැබැයි තවදුරටත් තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ රටේ නීතිය, ආර්ථිකය සහ මුළුමහත් සමාජය එක්කම හිතූමනාපෙට වැඩදාපු පැලැන්තියේ සෙල්ලම්වල අවසානය සටහන් වෙනවා.
වරුණ සුදන්ත හේරත්