lan englan tam

පුවත්

ජපාන ඇකඩමි සම්මානලාභී නිෂිදා අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජපානයේ ජනාදරයට පත් සිනමා නළු, නිෂිදා ටොෂියුකී (Nishida Toshiyuki) අභාවප්‍රාප්ත වෙයි.

තෝකියෝ නුවර පිහිටි සිය නිවසේ ඇද වැටීමෙන් නිෂිදා (16) ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු, ජපාන ඇකඩමි සම්මානලාභී සිනමා තරුවකි. 1988 තිරගත වූ 'ද සිල්ක් රෝඩ්' (The Silk Road ) සහ 1993 තිරගත වූ 'සුරිබකා නිෂි 6' (Tsuribaka Nisshi 6) හෙවත් 'විනෝදය පිණිස මසුන් මරන්නගේ දිනපොත' යන චිත්‍රපට වෙනුවෙන් එහිදී ඔහු හොඳම නළුවාට හිමි සම්මාන දිනාගත්තේය.

ජපානයේ ජනප්‍රිය රුපවාහිනී මාලා වැඩසටහනක් වූ 'මන්කි' හි රඟ පෑ 'පිග්සි' ගේ (Pigsy) චරිතයෙන් ඔහු එරට ඉමහත් ජනාදරයට පාත්‍ර විය.

මිය යන විට නිෂිදා ගේ වයස අවුරුදු 76කි.

NHK ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි

Back to top
Go to bottom

Popular News