lan englan tam

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට 'දියවන්නාවේදී ලියැවුණු කවි ගී'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර විසින් සිය පාර්ලිමේන්තු දිවිය තුළ රචනා කරන ලද ‘‘දියවන්නාවේ දී ලියැවුණු කවි ගී’’ ග්‍රන්ථය දොරට වැඩීම ඊයේ (18) සවස කටුගස්තොට එලිෆන්ට් බාත් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක, එච්. එම්. හලීම් ඇතුළු මහජන නියෝජිතයින් මෙන්ම, ප්‍රවීණ ගේය පද රචක, ගායක, තනු නිර්මාපක ශාන්ත ජයලත් තිසේරා, පේරාදෙණිය විශ්විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක, සමගි බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, කිරිමැටිය කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Back to top
Go to bottom

Popular News