lan englan tam

පුවත්

රන්ජන්ට මැතිවරණයට එන්න පසුබිමක් නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන මැතිවරණයකට වසර 07ක් ගත වන තෙක් තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමට අදාළ කාලය මෙවර මහ මැතිවරණයට තමන්ට තරඟ කළ හැකි වන පරිදි අඩු කරන ලෙස ඉල්ලා ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද ලිපියට මෙතෙක් ඔහු බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ රන්ජන් අධිකරණයට අපහාස කළ බවට ලද නඩු තීන්දුවක් අනුව සිය මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව පිළිබඳව කරුණු සොයා බලමින් සිටී.
තමන් නියෝජනය කරන පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස නාම යෝජනා භාර දුන්නද මේ මස මුලදී ජනාධිපතිවරයා වෙත රන්ජන් විසින් යොමු කරන ලද ලිපියට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
කෙසේනමුත්, රංගන ශිල්පියා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔහුගේ රසික රසිකාවියන් නිසැකවම කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු වනු ඇත.

Back to top
Go to bottom

Popular News