lan englan tam

පුවත්

කෙටි කලකින් බැස ගිය 80 'ජුම්මා' තාරකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කිමී කට්කර් උපත ලබන්නෙ 1965 වසරේ දෙසැම්බර් 11 වන දා මුම්බායි හී දී... කිමීගෙ මව 60 දශකයේ බොලිවුඩ් නිළියක් වූ අතර නමින් ඈ මීනා ෆර්නැන්ඩස් විය. මේ නිසාම කිමීට ක්ෂෙත්‍රයට පැමිණීමට තරමක් පහසු වූ අතර 1985 වසරේදී " පත්තර් දිල් " නම් චිත්‍රපටයෙන් බොලිවුඩයට අවතීර්ණ විය.

නමුත් ඈ ජනප්‍රිය වීමට පටන් ගන්නෙ එම වසරේම තිරගත වූ " ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටාසන් " චිත්‍රපටයෙන් අනතුරුව යි. කිමී එම චිත්‍රපටයේ කළ සරාගී රංගනය එකළ බොහො කතාබහට ලක් වී ඇත. එම චිත්‍රපටය නිසාවෙන්ම ඈ 80 දශකයේ Sex Symbol එක ලෙස හැදින්වීමට රසිකයන් පටන් ගෙන ඇත.

ඉන් අනතුරුව කිමීට චිත්‍රපට එක පෙළට ගලාගෙන ආ අතර මෙරා ලාහූ, දරියා දිල්, සෝනෙ පේ සුහාගා, ගේර් කනූනි, ජේසි කර්නි, කූන් කා කර්ස් වැනි අතිසාර්ථක චිත්‍රපට රැසක් රසිකයන්ට කෙටි කලකින්ම තිළිණ කිරිමට ඇයට හැකි විය. ඈ 80 දශකයේ අග භාගයේ කෙතරම් නම් ජනප්‍රිය වූවාද කිවහොත් 1988 වසරේ දී ඇගේ චිත්‍රපට 10 කුත් 1989 වසරේ දී ඇගේ චිත්‍රපට 15 කුත් එක දිගට තිරගත වී ඇත.

අනිල් කපූර් හා ගෝවින්දා සමග කිමීගෙ රසායනයට 80 දශකයේ රසිකයන් මහත් සේ ඇළුම් කර ඇත.

1991 වසරෙ අමිතාබ් බච්චන් සමගින් " හම් " චිත්‍රපටයට රංගනයෙන් දායක වු අතර එහි Jumma Chumna De ගීතය අදටත් ජනප්‍රිය ගීතය කි. ඈ අවසන් වරට රංගනයෙන් දායක වුයේ 1992 වසරේ තිරගත වූ ගෝවින්දාගේ " සුකුම් කී හුකුමාත් " චිත්‍රපටයෙනි. ඈට මෙම අවධියේදී යාෂ් චොප්රාගේ " පරම්පරා " චිත්‍රපටයට ඇරයුම් ලැබුනත් ඈ විවාහය වෙනුවෙන් එය ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඉන් අනතුරුව ඒ චරිතය වෙනුවෙන් රම්‍යා ක්‍රිෂ්ණන් තෝරා ගනු ලැබීය.

ඈ ක්ෂේත්‍රයේ සක්‍රියව සිටියේ වසර 7ක් පමණ කුඩා කාලයක් වුවද එම කාලය තුළ චිත්‍රපට 50කට පමණ රංගනයෙන් දායක වී ඇත.

1992 වසරේදී ඈ ඡායාරූප ශිල්පියෙකු වන ශාන්තනු ශෝරෙ සමග විවාහ වන අතර කිමි විවාහයෙන් අනතුරුව රංගනයට තිත තැබීය. දැන් ඈ සැමියා සමග ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර ඔවුන්ට එක් පුතෙකු ද සිටී. දැන් කිමී පවුලට මුල් තැන දී ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරමින් සිටියි.

80 දශකයට ආදරය කළ රසිකයන්ට නම් ඈව කොහෙත්ම අමතක නම් නැතුව ඇති...

ලක්ෂි V බස්නායක - භාරත රසික සිනමා සංසදය

Back to top
Go to bottom