lan englan tam

පුවත්

ඉකි ගසන පිරිමි හදවතක සේයාවක් ගෙන....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංගීතය තුළ ගැබ් වී තිබෙන්නේ මිනිසුන්ගේ ආත්මයන්ය. ආත්මයන් අවදි කිරීමට සංගීතයට පුළුවනි. සමහර ගීත නිර්මාණය වන්නේම හැගීම් සමුදායක එකතුවක් විලසිනි. ප්‍රේමය තුළ රිදවීම් නොමැති නම් අද බොහෝ නිර්මාණය බිහි නොවනු නිසැකය. රිදවීම්, වේදනාවන් තුළ කලාකරුවන් සිය නිර්මාණ බිහි කරනුයේ විලි රුදාවේ වේදනාවන්ද ඉවසා දරාගෙනය.

පසුගිය කාලය හදවත් ආමන්ත්‍රණය කරන, අතීතය යළි යළිත් සිහිපත් කරවන ගීත අතලොස්සක් බිහි වුණි. ඒ අතරින් 'සිනාසෙන්නට' ගීතය එවැනි හැගීම් අවුස්සන ආත්මයට අමතන ගීතයකි.
නන්දන වික්‍රමගේ පද රචනා කළ 'සිනාසෙන්නට' ගීතය ගායනා කරන්නේ අරුන් ජෙරොමි විසිනි. මෙම ගීතයේ තනු නිර්මාණය ප්‍රනීත් පෙරේරාගේය. 'සිනාසෙන්නට' සංගීත සුසංයෝජනය ළහිරු ඩ්ජ කොස්තා නිර්මාණය කර ඇති මෙම ගීතය එළිදකින විටි බොහෝ දක්ෂයින් අතින් අතට මාරු වී හැඩ වුණු අමුතු රසයක් ඇති ගීතයකි.

සිනාසෙන්නට වරම් දුන් නුඹ
ඉකි ගසන්නට රිදුම් දුන්නා.....

ප්‍රේමය තුළ සිනාසෙන්නට වරම් හිමි වනු ඇත. එසේම ප්‍රේමය තුළ අනිවාර්යෙන් ඉකි ගැසීමට ද අවස්ථාවක් උදාවනු නිසැකය. සිනා සෙන සතුටු වෙන ප්‍රේමය තුළම මිනිසුන් ඉකිබිඳිනු ඇත. ජීවිත කාලය පුරාම ඒ රිදුම්වල වේදනාවට ඉකිගසන ප්‍රේමවන්තයින්ද බොහෝය.
මෙම ගීතය තුළ ප්‍රේමය නිසා ඉකි ගසන පිරිමි හදවතක් ගැන රූප රචනයෙන් පෙන්වන අතර ඔහු ජීවිතය තුළ හුදකලා වී තනි වී ඉකිබිඳීම හදවතට දැනෙන්නට නිර්මාණය කර ඇති අතර ඔහු ඔහුගෙන්ම විමසන්නේ ඔහු දුන් ප්‍රේමය මදිවද ඔහුව හැර ගියේ කියා.

ප්‍රේමය අහිමිවීමේදී තමන් තමන්ගෙන් අහන සරල සංකීර්ණ ප්‍රශ්නය....
මගෙන් ලද ආදරය මදිවද
ඇයි ද ගියෙ මන්දා.....

මෙම ගීතයේ ද ඒ සරල සංකීර්ණ ප්‍රශ්නය එලෙසම තිබෙන නමුත් එය වෙනස් අකාරයකින් ගෙන ඒමට මෙම ගීතයේ නිර්මාණකරුවන් සමත් වී තිබේ.
හේතුවක්වත් නොදැන වෙන් වෙන්නට සිදු වන වේදනාව මෙම ගීතය තුළින් මනාව පිළිඹිබු වනු ඇත.
ජනාධර සමරදිවාකර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇති මෙම ගීතයේ රංගනයේ යෙදෙන්නේ ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා සමඟ ගෝවින්ද පලාගොල්ල සහ සසම්භාවි අපූර්වා වෙති.
මෙම ගීතයේ හැගීම් තව තවත් වර්ණ ගන්වමින් ඔවුන් රූප රචනයෙන්ද ප්‍රේක්ෂක හදවත් ආමන්ත්‍රණය කිරීමට සමත් වී තිබේ.

සිතම ගිනි ගෙන අළුවි යද්දි
නුඹ සිනාසෙන හඬක් ඇසුනා.....

සිත් ගිනි ගද්දි ඇය සිනාසෙන හඬත් ඇති දැවී අළු වෙන සිතක් නිවන්නට...

 

දිනිත ජයරත්න

 

 

Back to top
Go to bottom