lan englan tam

පුවත්

නළුවන් දෙදෙනෙකු ඇත්තටම පැටළුණු 'සටන'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස ටීවී නාලිකාවේ ජනප්‍රිය දේශපාලන, සංවාදාත්මක වැඩසටහන 'සටන' ඊයේ (05) දිනයේ පැවැත්වුණේ රංගන ශිල්පීන් හතර දෙනෙකු සහභාගි වන සුවිශේෂී වැඩසටහනක් ලෙසිනි.

එසේ නමුත්, ඔවුන් එහි සහභාගි වූයේ රංගන ශිල්පීන් ලෙස නොව මහ මැතිවරණයේදී පක්ෂ දේශපාලන මතයන් නියෝජනය කරන දේශපාලනඥයින් ලෙසය.
එහෙයින්, 'මිරර් ආට්ස්' අපට මෙම අවස්ථාව කලා නිර්මාණයක් මෙන්ම කලාවද දේශපාලනයෙන් වියුක්ත නොවන කාරණයක්ය යන හේතුව උඩද ඉතා වැදගත්ය.
කලාකරුවන් අතර කලා ලොව විවිධ විසංවාද දකින්නට ලැබුණද ඒවා ප්‍රසිද්ධියේ මුහුණට මුහුණ සිදු වනු දකින්නට නොලැබෙන අතර ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් එහි සහභාගි වූ ජගත් මනුවර්ණ හා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් වැඩසටහනට සහභාගි වූ චරිත් අබේසිංහ අතර එවැනි දුර්ලභ සජීවී සංවාදයක් ඇති විය.
පහතින් පළ කරනු ලබන්නේ සිරස නාලිකාව විසින් පළ කරනු ලැබ ඇති එම අවස්ථාවයි.

ජගත් සහ චරිත්ට අමතරව වැඩසටහනට දෙවෙනි පරපුර නියෝජනය කරමින් කමල් අද්දර ආරච්චි සහ ජන අරගල සන්ධානය නියෝජනය කරමින් ජෙහාන් අප්පුහාමි යන රංගන ශිල්පීහුද සහභාගි වූහ.

Back to top
Go to bottom