lan englan tam

පුවත්

ප්‍රධාන චරිතවලට ගන්නේ ජනප්‍රිය අය; කලකිරීමක් තියෙනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"අනිවාර්යයෙන්ම එල්ලිලා ඉන්නේ 'පැෂන්' එක නිසා. නිර්මාණයක් කළත් ජනප්‍රිය චරිතවලට තමයි වැඩි ඉඩක් දෙන්නේ ප්‍රධාන චරිතවලට."

මෙසේ පවසන්නේ චරිතාංග රංගන ශිල්පිනියක වන කසුනි කාවින්දි ප්‍රනාන්දුය.
මෙවර Mirror Mirror මීළඟ සංවාදයට එක් වන්නේ කසුනි කාවින්දිය.
Mirror Arts යූටියුබ් නාලිකාවේ සතිපතා විකාශය වන සංවාදයට එක් වන කසුනි එහිදී පවසන්නේ "ලංකාවේ සිස්ටම් එක කොහොමත් අවුල්. දේශපාලනයම අවුල් වුණ රටක අනිත් දේවල් හොඳ වෙන්න බෑ. එහෙම හැඟීමක් මට ආවා කථිකාචාර්යවරියක් වීම කියන හීනය ගැන. හොඳට ලියන්න පුළුවන් අය ඉන්නේ හරිම අඩු පිරිසක්. වෙන රටවල අපේ වගේ රටවල නළු නිළියෝ දේශපාලනයට එකතු වීම හරි අඩුයි. නිර්මාණවලින් තමයි ජනතාවට බලපෑම් කළ යුත්තේ කියා මම පෞද්ගලිකව විශ්වාස කරනවා."යනුවෙනි.
කසුනි සමග සම්පූර්ණ සංවාදය ඊයේ (06) රාත්‍රී 07ට Mirror Arts යූටියුබ් නාලිකාවේ විකාශය ව අතර වැඩසටහන් පූරක ලෙස දිනිත ජයරත්න කටයුතු කරයි. 

Back to top
Go to bottom