lan englan tam

පුවත්

2030ටත් ඔබින 'රට අනුරට' ලියූ කැටිපේ සමග....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මේවා දක්ෂිණාංෂික මන්දිරවල රණ්ඩු කියලා අපිට බජව් දාන්න බෑ."

මෙසේ 2015 වර්ෂයේ පත් වූ යහපාලන ආණ්ඩුවේ අර්බුද පිළිබඳව වරක් සිය මතය පැවසුවේ මේ වන විට ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂකයකු වී සිටින සැකෙවින් හඳුන්වන්නේ නම් විමල් කැටිපේආරච්චි යන සහෘද රසවතාය.
2015 යහපාලන ආණ්ඩුව පත් කිරීමේ දේශපාලන නියමු තේමා ගීතය රචනා කළ ඔහු වත්මන් ජනප්ති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ විජයග්‍රාහී ගීතයේද පද රචකයාය.
දේශපාලනයේදී සෑම විටම සක්‍රීයව සාධාරණත්වය තෝරා ගත් මෙම රසවතා රජයේ තනතුරු, මාධ්‍ය ප්‍රකාශන සහ ආයතනවල තනතුරු දැරූවෙකු මෙන්ම සෑම විටම භාවිතයෙන්ද කලාකාමියෙකි.
දේශපාලනිකව රටේ සංක්‍රමණික අවධියක සමාජයට නායකත්වය දෙන පක්ෂයක් නියෝජනය කරමින්ද කලාකාමී භාවිතාවත් එක් අතකින් රැගෙනෙමින්ද 'මතක පද' යූටියුබ් සංවාදයට ඊයේ (08) ඔහු සහභාගි විය.
තමන් ලියූ 'රට අනුරට' ගීතය 2030ටද ගැලපෙන බව ඔහු එහිදී ප්‍රධාන වශයෙන් පවසයි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' වැඩසටහන සෑම සිකුරාදාවකම සවස 04ට 'මතක පද' යූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.

Back to top
Go to bottom