ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘වාලම්පූරි හෙවත් හීන හතරහමාරක්’ සිනමා පටය අප්‍රේල් 25 වනදා සිට දිවයින පුරා තිරගත වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.
මේ කතාව නම් ‘වාලම්පූරි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වන රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ගැන.
ඔහු ‘වාලම්පූරි’ චිත්‍රපටයේ නිරූපණය කරන චරිතය වන්නේ ‘සිඩ්නි ඩයස්’ නම් පුද්ගලයාගේ චරිතයයි.
පසුගිය දිනෙක ඔහු ‘වාලම්පූරි’ YouTube නාලිකාව සමග අදහස් දක්වමින් තමා මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ ආකාරයත්, චිත්‍රපටය රූගත කිරීමේදී ඔහුට අත් විදින්නට ලැබුණු අත්දැකීම් ගැන මෙන්ම අභියෝග ගැනත් සිය අදහස් බෙදා හදා ගත්තා.
එමෙන්ම ඔහු විශේෂයෙන්ම සඳහන් කළ දෙයක් වූයේ මෙම චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ ‘සිඩ්නිගේ’ චරිතය පිළිබඳවයි. එම චරිතය ඔහුගේ සැබෑ ජීවිතයත් සමග සම්බන්ධ වන ආකාරය ගැනත් එම චරිතය නිරූපණය කිරීමේදී එය ඔහුට දැනුණ ආකාරය ගැනත් ඔහු අපූරු අදහස් දැක්වීමක් සිදු කළා.
“මාවයි සිඩ්නිවයි කොයි කොයි තැන් වලින් ද වෙන් කර ගන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කර කර තමයි ගියේ. මොකද සිඩ්නිත් ඉන්නවා මාත් ඉන්නවා. සිඩ්නිත් ගමනක් යනවා මාත් ගමනක් යනවා. පොඩ්ඩක් බලපුවහම parallel ගමනක් යන්නේ....’’
“සිඩ්නිට වෙන දේවල් මටත් වෙනවා.මට අවුරුදු දොළහෙදි මගේ තාත්තා නැති වෙනවා. එතකොට ඒකත් තීරණාත්මක තැනක්. කොහාටද යන්නේ, කොහොමද වෙන්නේ. සිඩ්නිටත් එහෙම වෙන්න ඇතිනේ මොනවාහරි දෙයක්......’’
එමෙන්ම ඔහු චිත්‍රපටයට සම්බන්ධව වූ අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ කලාකරු දයා තෙන්නකෝන් ගැනත් රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ගැනත් සිය මතකය අවධි කළා.
මෙහි ප්‍රියන්ත සිරිකුමාරගේ සම්පූර්ණ අදහස් දැක්වීම දැන් ඔබට ‘Walampuri’ YouTube නාලිකාව හරහා නැරඹිය හැකියි. පහත දක්වා තිබෙන්නේ එම video වයි.