මධූ බෝගහවත්ත කලකට පෙර තරුණ පරපුර අතර බොහෝ සෙයින් ජනප්රිය නිවේදිකාවක් , නමුත් මෑත කාලයේ මධුගේ රුවත් , හඬත් ප්රේක්ෂකයාට දකින්නවත් අහන්නවත් ලැබුනේ නැහැ.
කෙටියෙන්ම කියනවනම් මධූ නිවේදන කටයුතුවලින් අයින් වෙලා.නිවේදන කලාවෙන් අයින් වුනු මධු අලුත් වැඩකට අත තියලා .ඒ handloom saree නිර්මාණය කරන්න .Mirror Arts අපි ඒ ගැන මධුගෙන් ඇහැව්වා ..
"මම නිවේදන කටයුතුවලින් අයින් වුනේ 2009 වගේ .ඒ අයින් වෙලා ඊට පස්සේ Marry කරලා ගෙදර ඉන්නකොට මං දැක්කා husbandගේ අම්මා Handloom කරන විදිහ .ඒ අම්මා Textile field එකේ Assistant designer කෙනෙක් .අම්මාගෙන් මම ඒ හැමදෙයක්ම ඉගෙන ගත්තා .නූල් ටික පිළිවෙලකට සුද්ද කරන එකේ ඉඳලම ඉගෙන ගත්තා .දැන් මං "saree factory " කියලා Brand name එකකින් handloom saree නිර්මාණය කරනවා .කොට්න් සහ සිල්ක් වර්ගයේ සාරි තමයි දැනට කරගෙන යන්නේ .නමුත් මගේ ප්රධානම අරමුණ සහ සැලසුම මනාලියන් වෙනුවෙන් handloom නිර්මාණ කිරීම.
ඔබේ සැමියා සුසාර දිනාල් රූපවාහිනී ක්ෂේත්රයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක් නිසා යළි නිවේදන කටයුතු වලට එන්න අදහසක් නැද්ද ?
මං පවුලේ බැඳීම්වලට ගොඩාක් ආදරය කරන කෙනෙක්.අනික වැඩ වැඩිවෙනකොට මම stress වෙනවා .මුලදී නිවේදන කටයුතුවලින් අයින් වුනාට පස්සෙනම් අපරාදේ අයින් වුනේ කියලා හිතුනා ඒත් ඉස්සර සති අන්තවල , අවුරුදු දවස්වලට ගෙදර නැහැ නමුත් දැන් ඒ හැම සුවිශේෂ මොහොතකම පුතා , සැමියා සහ පවුලේ අය එක්ක ගතකරනකොට හිතෙනවා නිවේදන කටයුතු වලින් ඈත්වෙන්න මං ගත්ත තීරණය හරි කියලා ..අපේ පුතා සසේන් දිනාල් එයාට අවුරුදු දෙකක් මම එයා එක්ක ඉන්නම ඕන කාලේ මේ .අනික සුසාර වුනත් මාව බිරිඳක් විදිහට මිසක් නිවේදිකාවක් විදිහට දකින්න කැමැති කෙනෙක් නෙවෙයි .
ඔබේ පරම්පරාවත් ..පසු පරම්පරාවත් රූපවාහිනියෙන් දකිද්දී පුංචිම දුකක්වත් නැද්ද ?
ඇත්තටම නැහැ කවදාවත් දනිලත් නැහැ .මම නිවේදිකාවක් වෙනකොට මට අවුරුදු 20යි .හැම කෙනෙක්ගෙම උදව් මට ලැබුනා .මම ආස වුන හැමදෙයක්මත් මට ලැබුනා මට ඒ දේවල් ඕන වුන කාලෙම .අනික පවුලේ බැඳීම්වලට මුල්තැන දීලා ඉන්න මට ඒ අය දකිනකොට පුංචිම දුකක්වත් පසුතැවීමක්වත් නැහැ ..
බුද්ධිනී ජයවර්ධන
https://casite-737679.cloudaccess.net/chat/4311-madu-bogahawatta#sigProId9891c6cdd5