මේ දිනවල ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය තුල ජනප්‍රියම සිනමා ශානරය වෙන්නේ Dark Comedy එහෙමත් නැත්තන් Black Comedy කියන දේ වෙන්න ඕන.
වෙන මුකුත් නිසා නෙවෙයි ඒ මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන "නෙළුම් කුළුණ" චිත්‍රපටිය නිසා කියලයි මට නම් හිතෙන්නේ.
ඒක ඉතාම හොඳ තත්වයක්.
ඒත් ගොඩාක් දෙනා පෝලිමට ගිහින් "නෙළුම් කුළුණ" බැලුවට මේ Dark Comedy ශානරයේ චිත්‍රපට වල මුල්ම ශ්‍රී ලංකා ආගමනය ගැන නොදන්නා බවක් පේන්න තියෙනවා.
ගොඩක් අය "නෙළුම් කුළුණ" චිත්‍රපටිය ලංකාවේ මුල්ම Dark Comedy චිත්‍රපටිය විදියට හඳුන්වලා තියෙනවත් මන් කීප තැනක දැක්කා.මේ ඒ වරද නිවැරදි කරනු වස් කරනා ලියවිල්ලකි.
ලෝක සිනමාවට Dark Comedy ශානරය අරුමයක් නොවුනත් ශ්‍රී ලංකාවේ අපට අපේ Dark Comedy චිත්‍රපටයක් මුලින්ම දකින්න ලැබුනේ 2014 අවුරුද්දේදි.
ඒ තමයි " කේ සෙරා " චිත්‍රපටය.අධ්‍යක්ෂණය කලේ පරාක්‍රම ජයසිංහ විසින්.
පරාක්‍රම ජයසිංහ කිව්වට කෙනෙක්ට එකවර ඔහු කවුද කියලා මතකයට නොඑන්න පුළුවන්.
ඒත් කූබියෝ ටෙලිනාට්‍යය බලපු කෙනෙක්ට එහි "තෙන්නකෝන් නායක සහෝදරයා" චරිතය රඟපෑ ශිල්පියා කවුදැයි කියලා මතක් කරගත්තොත් පරාක්‍රම ජයසිංහව ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් වෙයි.
"කේ සෙරා" කියන්නේ ඔහුගේ තුන්වෙනි සිනමා නිර්මාණය.අද වෙනකොට ඔහු ජීවතුන් අතර නෑ. ඒත් ඔහුට තමයි මුලින්ම Dark Comedy චිත්‍රපටියක් ලංකාවේ නිර්මණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ.
"කේ සෙරා" චිත්‍රපටය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම දෙබස් අඩංගු වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක්.
"කේ සේරා" චිත්‍රපටියේ කතාව ගැන කෙටියෙන් කිව්වොත්, සේරා සහ ඉවෝන් කියන බර්ගර් ජාතික අක්කා නගෝ දෙන්නට ඔවුන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ ඔහු කරගෙන ගිය අවමංගල්‍ය ආයතනයක් උරුම වෙනවා.
ඒත් ඒක උරුමයකට වඩා කරුමයක් වුන කඩා වැටී වල පල්ලට ගිය ව්‍යාපාරයක්.
කොහොම වුනත් මේ සේරා සහ ඉවෝන් අක්කා නගෝ දෙන්නා ඔවුන්ගේ නෑදෑයෙක් සමඟ එකතු වෙලා මේ ව්‍යාපාරය නැවත ගොඩ ගන්න උත්සාහ කරනවා.
මේ අතර මළවුන් හොල්මන් අවතාර එක්ක ගනුදෙනු කරන කාන්තාවක් හරහා ඔවුන්ට දැන ගන්න ලැබෙනවා මේ අවමංගල්‍ය ආයතනයේ දියුණුවට මළගිය ප්‍රාණකාරයෙක් බාධා කරනව බව.
කවුද මේ මළගිය ප්‍රාණකාරිය? ඇයි මේ ප්‍රාණකාරිය මේ ව්‍යාපාරයේ දියුණුවට බාධා කරන්නේ? මොනවද මේ වෙනුවෙන් ගන්නා විසඳුම්? කියන කාරණා ඔස්සේ චිත්‍රපටය ඉදිරියට දිව යනවා.
තාක්ෂණික දෝෂ සහ තවත් සුළු සුළු අඩුපාඩු තිබ්බත් " කේ සෙරා " කියන්නේ සමස්තයක් විදියට හොඳ නිර්මාණයක්.
එකම වර්ගයේ සිනමා නිර්මාණ දැකලා දැකලා හෙම්බත් වුන ලංකේය සිනමා රසිකයන්ට ලැබුන වෙනස්ම අත්දැකීමක් වුනා ඒක.
ඒ වෙනුවෙන් සෑහෙන පිරිසක් රංගනයෙන් සහ තාක්ෂණික කටයුතු වලින් තම දායකත්වය චිත්‍රපටියට ලබා දුන්නා.
රංගනය - මිශෙල් හර්ෆ්ට් , දිල්හානි ඒකනායක , හාන්ස් බිල්මෝරියා , යෝෂිනි අබේසේකර , W ජයසිරි , ඇන්ජෙලා සෙනෙවිරත්න , දමිත් ෆොන්සේකා , මානෙල් වානගුරු , සැන්ඩෝ හැරිස් , .....
කැමරාකරණය - ජී නන්දසේන / සංස්කරණය - M.S අලීමාන් / සංගීතය - සෝමපාල රත්නායක,ලෙලුම් රත්නායක සහ මහේෂ් දෙනිපිටිය.
පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය - පරාක්‍රම ජයසිංහ.
"කේ සෙරා" චිත්‍රපටය ශ්‍රී ලංකාවට අමතරව සී ශෙල්ස් රාජ්‍යයේ ද ප්‍රදර්ශනය කර තියෙනවා. එලෙස සී ශෙල්ස් රාජ්‍යයේ තිරගත කල මුල්ම ලාංකික චිත්‍රපටය වන්නෙත් "කේ සේරා" චිත්‍රපටියයි.
ඒවගේම කියන්න ඕන 2015 පැවති දෙරණ සිනමා සම්මාන උලෙළේ දී "කේ සේරා" චිත්‍රපටිය සම්මාන රැසකට හිමිකම් කිව්වා.
හොඳම අධ්‍යක්ෂණය - (පරාක්‍රම ජයසිංහ) / හොඳම නිළිය- (මිශෙල් හර්ෆ්ට්) / හොඳම සහාය නළුවා- (හාන්ස් බිල්මෝරියා) / හොඳම ප්‍රතිවීර චරිත රංගනය- (දමිත් ෆොන්සේකා) / හොඳම ප්‍රහසන රංගනය- (සැන්ඩෝ හැරිස්) / හොඳම කලා අධ්‍යක්ෂණය-(රොෂාන් වර්ණකුලසූරිය) / හොඳම ගායකයා- (ලෙලුම් රත්නායක) වශයෙන් සම්මාන දිනා ගත්තා.
මේ විදියට "කේ සෙරා" චිත්‍රපටියට සම්මාන රැසක් හිමිවීම සම්බන්ධයෙන් ඒ දවස් වල සෑහෙන විවේචන විරෝධතා එහෙම ඇතිවුනා කලා ක්ශේත්‍රය තුල.
වැඩියෙන්ම චෝදනා එල්ල වුනේ දෙරණ සම්මාන උලෙළේ ජූරියේ ප්‍රධානියා වුන අශෝක හඳගමට.
කොහොම හරි "කේ සෙරා(2014)" චිත්‍රපටයට පසුව 2018 දී කින්ග් රත්නම් විසින් Dark Comedy ශානරයේ චිත්‍රපටයක් විදියට "කෝමාලි කිංග්ස්" නමින් ශ්‍රී ලාංකික දමිල චිත්‍රපටයක් නිර්මාණය කලා.
කොහොම වුනත් මේ චිත්‍රපටි දෙකටම අති විශාල ප්‍රේක්ෂක අවධානයක් ලැබුණේ නම් නෑ.අන්තිමටම තමයි අපි මේ දිනවල සිනමා තිරයේ දකින "නෙළුම් කුළුණ"(2025) චිත්‍රපටිය එන්නේ.
ඒකට නන් ඉතින් ප්‍රේක්ශක ආදරය නොඅඩුව ලැබෙන බව පේනවා.
කොහොම වුනත් ආරම්භයක් විදියට ලංකාව ඇතුලෙන් Dark Comedy වැඩක් එලියට දාන්න මහන්සි වුන "කේ සේරා" නිර්මාණ කණ්ඩායමට විශේෂ ගෞරවයක් හිමිවිය යුතු බව මගේ හැගීමයි.
මේ නිර්මාණ සියල්ලම අප වෙත ගෙන ඒමට වෙහෙස මහන්සි වූ නිර්මාණ ශිල්පීන් සියලුම දෙනාටම බොහෝම ස්තූතියි!
ඉදිරියටත් මෙවන් වෙනස් නැවුම් නිර්මාණ වලින් හමුවෙමු.
ස්තුතියි.
කර්තෘ - බුද්ධික අමිල
(‘සිනමාවේදීන් - The cinema people’ Face book පිටුව ඇසුරිනි)