මිනිසුන් ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී ය. ප්‍රචණ්ඩකාරී ය. ඉතා ඉක්මනින් මිනිසා මිලේච්ජසහගත තත්ත්වයට පත්වේ ය යන්න දිගින් දිගටම පවතින්නා වූ මිථ්‍යා මතයකි.
ශිෂ්ටාචාරය යනු ඉතා සුළු ගැටුමකින් පවා බිඳි යා හැකි තුනී පිටත ආවරණයකි. නමුත් එය එසේමද?
මනුෂ්‍ය වර්ගයා අර්බුදයකට මුහුණ පෑ විට භුම්කම්පාවක්, ගංවතුර තත්ත්වයක් ඇති වූ විට මිනිසුන් වන අපම උපරිම යහපත් සත්ත්වයන් බවට පත් වේ. වෙනත් අයුරකින් කියතොත් මනුෂ්‍යයන් වන අප වඩාත් නැඹුරු වන්නේ යහපත කෙරෙහිද? නැතහොත් නපුර කෙරෙහිද?
මෙය දාර්ශනිකයන් දශක ගණනාවක් පුරා විවාදය සඳහා තුඩු දුන් කාරණාවකි. මුදල් සහ බලය වෙනුවෙන් මිනිසා තුළ පවත්නා තෘෂ්ණාධිකබව නමැති ව්‍යාධිය නිසාම ජාගර සත්තවයා අවදි වෙයි.
'Mickey 17' හොලිවුඩ් සිනමාපටයේ පෙරබිමට කැඳවන්නේ මනුෂ්‍යයා සතු අයහපත සහ නපුර පිළිබඳවය.
සිනමාපටයේ කතා නායකයා 'මිකී බාන්ස්' වේ. අජටාකාශ කොලනීකරණයට හසු වූ තරුණයෙකි. ඔහු වාසය කරන්නේ වර්ෂ 2054 කාලවකාශයක් තුළ තාක්ෂණයෙන් ඉතා දියුණු පෘතුවියකයි. තාක්ෂණයේ දියුණුව කෙතරම්දයත් කඩදාසි පිටපත් කරන මුද්‍රණ යන්ත්‍රයක මෙන් මිනිසුන් ද ක්ෂණයෙන් පිටපත් කළ හැකි යුගයකි.
මනුෂ්‍යයන් පිටපත් කිරීම (Human Printing) ඉතාම දියුණු ස්වරූපයක් නොමැති වුව ද ක්ලෝනකරණය කිරීම නූතන විද්‍යාවෙි මහිමය කියාපාන්නකි.
මෙයාකාරයෙන් පිටපත් කරන මිනිස් සිරුරු විවිධ කරතව්‍යයන් සඳහා යොදාගනී. පිටපත් කරන මනුෂ්‍යයන් හදිසි අනතුරකදි මියගියහොත් එම ශරීරය කඩදාසියක මෙන් නැවත පිටපත් කර ශ්‍රමය සඳහා යොදා ගනී.
'මිකී' එසේ 17 වතාවක් උපත ලද තරුණයෙකි. 17 වතාවක් මරණයට පත්ව යළි යළිත් පිටපතක් ලෙස මුද්‍රණය වී ජීවත්වන්නෙකි. 'Mickey 17' සිනමාපටයේ නිරූපණය වන්නේ ඔහුගේ කතාවයි.
සිනමාපටය ප්‍රේක්ෂකයා බුද්ධිමය කලම්භනයක් ඇති කරවනසුළු ය.
ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අනාගතය දක්වාම බලහත්කාරකමින් ශ්‍රමය ලබා ගැනීම දක්නට ලැබෙන ප්‍රධාන නිරික්ෂණයකි.
දාර්ශනික රූසෝ කී පරිද්දෙන් 'මිනිසා නිදහස්ව උපදින නමුත් සෑම අතින්ම ඔහු යදම්වලින් බැඳී ඇත්තේය' යන්න සිනමාපටය විසින් සනාථ කරයි.
දකුණු කොරියානු සම්මානනීය සිනමාකරු 'බොන්ග් ජුන්ග් හෝ' විසින් අධ්‍යක්ෂණය කළ 'Mickey 17' ච්ත්‍රපටය Science Fiction - Black - Comedy ශානරගත වේ.
චිත්‍රපටය සඳහා පාදක වන්නේ 'එඩිවඩ් ඇෂ්ටන්' විසින් 2022 වසරේ ලියා ප්‍රකාශයට පත් කළ 'Mickey 7' නවකතාවයි. බොන්ග් ජොන්ග් හෝ යනු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නිර්මාණය කිරීමට ප්‍රියතාවයක් දක්වන සිනමාකරුවෙකි.
ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ 'Snowpiercer' සිනමාපටය ද සමාජ - දේශපාලනික තේමාවක් රැගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.
'Micky 17' චිත්‍රපටයේ අධ්‍යක්ෂකක 'බොන්ග් ජුන්ග් හෝ' ගේ සහ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන රොබට් පැටින්සන්ගේ ඡායාරූපයක්
'බොන්ග් ජුන්ග් හෝ' අධ්‍යක්ෂණය කළ 'Parasite' චිත්‍රපටය ලෝක සිනමාව තුළ පසුගිය දශකයේ නිර්මාණය වූ විශිෂ්ටතම චිත්‍රපටවලින් එකක් ලෙස විචාරකයන් නමි කරනවා.
'Mickey 17' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන 'මිකී' චරිතය නිරූපණය කරන්නේ සම්මානනීය නළු රොබටි පැටින්සන් විසිනි. රොබටි පැටින්සන් නූතන හොලිවුඩ් සිනමාවේ සිටින අති දක්ෂ නළුවෙකි. මුහුණෙන්, අංග චලනවලින් ප්‍රතිභාව පෙන්වන නළුවෙකි.
සිනමාපටයේ ප්‍රේක්ෂකයාට සිතන්නට පොළඹවන කාරණා කිහිපයක් පිළිබඳව සිනමාකරු පෙරබිමට රැගෙන එයි. එනම් මනුෂ්‍යත්වයේ වටිනාකම සහ මනුෂ්‍ය සබඳතා බිඳවැටීම, අධිපරිභෝජනවාදය, ඒකාධිපතිත්වය සහ මිලේච්ජත්වය පිළිබඳ අදහස් ගොනුවයි.
සාමාන්‍ය බැල්මක් යොමු කරන විටදි පවා හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මාතෘකා අතර පවතින්නේ ආර්ථික විෂමතා, මානව වර්ගයාගේ විනාශය සිදුවන දේශගුණික විපර්යාස, ස්වභාවික ආපදා සහ ඒකාධිපතිවාදයේ අන්තරායන් ය.
චිත්‍රපටයේ යටත් විජිත ව්‍යාපෘතිය ලෙස විස්තර කර ඇති දේ වැදගත් වෙි. එනම් වසර 2054 දී උද්‍යෝගිමත් ස්වේච්ඡා සේවකයින්ගෙන් පිරුණු දැවැන්ත අභ්‍යවකාශ යාත්‍රාවක විනාශ වූ පෘථිවියෙන් ඉවත්ව මන්දාකිනියේ පිටත ප්‍රදේශවලට නව මිනිස් ජනපද පිහිටුවීමට යමින් සිටීමයි.
එය එක් පසෙකින් මිහිපිට සිටින වැඩිම වත්කමක් හිමි බිලියනපතියා වූ එලෝන් මාස්ක්ගේ අඟහරු ග්‍රහලෝකයේ ජනපද පිහිටුවීමේ ව්‍යාපෘතිය සමච්චලයට ලක් කිරීම හා සමානය.
සිනමාපටයේ අපුරු චරිතයක් දැක්වෙයි. ඒ මිකී ජීවත් වෙන අභ්‍යවකාශ යානයේ කපිතාන් සහ දේශපාලනඥයා වන 'කෙනත් මාෂල්' ඒකාධිපති නායකයකුගේ විකට රූපයක් ලෙස අර්ථකථනය වීම.
නිදර්ශනයක් ලෙස නාසිවාදයේ නිර්මාතෘ ඇඩොල්ෆ් හිට්ලර් වැන්නෙකුට ඔහු සමාන කළ හැකිය. විටෙක ඔහුගේ හැසිරීම ඇමරිකාවේ නූතන ජනපතිවන 'ඩොනල්ඩ් ට්‍රම්ප්' වැන්නෙකුටද සමකළ හැකි ය.
අධ්‍යක්ෂ බොන්ග් ජොන්ග් හෝ පැහැදිලි කළේ මාෂල්ගේ චරිතය කිසියම් නිශ්චිත පුද්ගලයෙකු මත පදනම් නොවන නමුත් ඉතිහාසය පුරා අප දැක ඇති විවිධ දේශපාලනඥයින් සහ බොහෝ වෙනස් දේශපාලනඥයින්ගේ මිශ්‍රණයක් බවයි.
සිනමාපටය විසින් ප්‍රේක්ෂකයාට සංඥා කරන්නේ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ නැවුම් දැක්මකි. එය දේශපාලනික-සාමාජීය පඨිතයක් ආකාරයෙන් ද කියවිය හැකි උපහාසයදනවනසුළු සිනමාකෘතියකි.
කර්තෘ - මලින්ත ව්තානගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මූලාශ්‍රය - මෙම ලිපිය සරසවිය පුවත්පතේ පළ වූවකි)