රූකාන්ත යුගයක් සනිටුහන් කරන ලද සංගීත නිර්මාපකයෙක් පමණක් නොව ගායකයෙක්ද විය. වසර 30කට වැඩි කාලයක් පුරා රූකාන්ත සිය නම සංගීත ක්ෂෙත්රය තුළ සනිටුහන් කොට ඇත්තේය.ජනප්‍රිය ගීත ධාරාවේ ගායකයෙකු සංගීතඥයෙකු වුවද රූකාන්තගේ හඩට බොහෝ අය රසවත් කළ හැකිය.රූකාන්ත චන්ද්‍රලේකා සහ දරුවන් සමග වේදිකාවේ සංගීත ප්‍රසංග මාලාවක් ඉදිරිපත් කරන ලදී. වරින් වර ලංකාවෙන් බැහැර වන රූකාන්ත මේ වනවිට ලංකාවට පැමිණ සිය සංගීත දිවියේ ප්‍රථම වතාවට ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ආරම්භකොට තිබේ. මේ රූකාන්ත ඒ පිලිබඳව සිය අදහස් දක්වන රූකාන්ත ගුණතිලක.
"70 දශකයේ අග භාගයේදී ඇරඹුන මගේ සංගීත දිවියේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය මෙයයි. මෙතෙක් ඉදිරිපත් කළ සාමූහික ප්රසංගවලින් මිදීල හතළිස් වසරක් වූ මගේ සංගීත දිවිය සැමරීම සඳහා මේ ඒක පුද්ගල ප්‍රසංග මාලාව යොදා ගැනීම වඩාත් සුදුසු කියා මට හැඟුණා.
"Roo On Stage" ගීත ශ්‍රවණයට ලොකු තැනක් දෙන අයට ගැලපෙන ප්‍රසංගයක් වේවි. වෙනස් විදියක රස සොයා යන එවැනි අය වෙනුවෙන් වැඩිය නෑසුන මගේ ගීත සහ ඇසෙන ගීත කීපයකුත් මෙම ප්‍රසංගයට ඇතුළත්. නමුත් සංගීතයත් අපි තරමක් වෙනස් කරලා තියෙනවා.මගේ අදහස් අනුව පී.වී. නන්දසිරි ශූරීන්ගේ පුතු වන තරුණ සංගීතඥ උපුල මධුශංක මෙහි සංගීතය මෙහෙයවනවා. මා පමණක්ම ගී ගයන මෙහි ගීත 20ක් වගේ ඇතුළත්. බොහෝ විට විවේක කාලයක් පවා නොදීමට අපි කටයුතු කරනවා."
රූකාන්ත අළුත් ගීත කිහිපයක් එලැඹෙන නව වසරේදී නිකුත් කිරීමට අදහස් කොට තිබෙනවා."විල්තෙරේ ආලවන්තයෝ" එහි නමයි.
අද දවසේ ලාංකීය සංගීත ක්ෂේත්රය පිළිබඳව ඉතා කෙටියෙන් රූකාන්ත සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරයි.
"වින්දනීය වගේම විඳගත නොහැකි අංශ දෙකේම කිව්වොත් හරි"
"මුලින් සිද්ධ වුණ දේම තමයි නැවතත් සිද්ධ වෙන්නෙ. හැබැයි ස්වභාවය වෙනස්.ලෝකයේ සියලූ දේ සිද්ධ වෙන්නෙ එහෙමයි. නමුත්, තාක්ෂණය නිසා හොඳ වගේම නොහොඳත් සිද්ධ වුණා. ගීත නිර්මාණයේදී ලෝකයේ වැඩිපුරම සිද්ධ වුණේ ආදරය තේමා කර ගැනීමයි. විවිධ මාතෘකා හා විවිධ ස්වභාවයන් යටතේ එය සිද්ධ වුණා. නමුත් තාක්ෂණය පැමිණීම නිසා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ වූ ප්රකාශනය, නැතිනම් අදහස් හුවමාරු කර ගැනීම නිසා, එය පෙර විදියට ආත්මයට කිඳා බැස්සේ නැහැ. අද ආදරය ගැන ලිව්වොත්, අන්න අර වෙබ් :උැඉ* බලන්න කියන තරමට එය ආත්මයෙන් ඈත් වෙලා. මේ නිසා මිනිසුන් අතර ලියන - කියන වචන භාවිතාවත් අඩුවෙලා ඇති. මොකද සන්නිවේදනය සහ ප්‍රකාශන විදිය වෙනස් වූ නිසා ලෝකයේ නිර්මාණය වූ සියල්ල කැරකි කැරකී ගලා යන්නෙ මේ විදියට තමයි."
රූකාන්ත ගීත රචකයෙක්.
අම්මා ගැන තවත් නිර්මාණයක් කළා. ළඟදීම ඒ ගීතයත් එළියට ඒවි. අනෙක අද ලෝකයේ මේ ගීත කලාව ගලා යන මාධ්‍යය ඉතා වේගවත් වෙලා. එක්වර නිර්මාණ ගොන්නක් මුදා හැරෙනවා. ඒ නිසා සමහරවිට අපි හිතන අදහස තව කෙනෙක් වෙතින් ඊට පෙර ප්‍රකාශ වෙන්න පුළුවන්. නමුත් මම නිදහසට කරුණු කියන කෙනෙක් නෙවෙයි. සමාජයට අවශ්‍ය කරන්නෙ අපෙන් හොඳ රසවිඳිය හැකි නිර්මාණ විතරයි. ඒවා කිරීම තමයි අපේ යුතුකම.
පේ්රක්ෂකයින් වෙතින් ලැබෙන ආදරය
එදා යම් විදියක පේ්රක්ෂක ආදරයක් ලැබිනි නම් අද ඊට වඩා ඉතාම උණුසුම් හැඟුමින් යුතු පේ්රක්ෂක ආදරයක් ලැබෙනවා. කොයි තැනල කොතැන ගියත් එහෙමයි. දෙවියන්ගේ කැමැත්ත අනුහස, ආශිර්වාදය එහෙමයි කියලයි මම විශ්වාස කරන්නෙ. මගේ ආදරණීය රසිකයින්ට මම ආත්මයෙන්ම ගෞරව කරනවා.
සාරවිත ඇසුරිණී