හුගක් වෙලාවට රංගනයට එකතුවෙලා ඉන්න අයගෙන් අහන්න හිතෙන ප්‍රශ්නයක් තමයි නිළියක් හෝ නළුවෙක් වෙන්න මොනවද තියෙන්න ඔිනෙ සුදුසුකම් කියලා.
එකෙදි කෙනෙකුට තමන්ට කැමති පිළිතුරක් දෙන්න පුළුවන්. අතීතයේදී හුගක් වෙලාවට බලපෑවේ ලස්සන. අදටත් එහෙමම තමයි. රංගනය කියන එක හැමෝටම හොඳින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රංගනය පිළිබඳ කෙනෙකුට හොඳ ඉවක් තියෙන්න ඔිනෙ ඒ වගේම හැදෑරීමක් තියෙන්න ඔිනෙ. ලංකාවෙ ඇරෙන්න බොහෝ රටවල් වල රංගන ය හැදෑරීමට දියුණු පාසල් තියෙනවා. ලංකාවේ නාට්‍ය හා රංග කලාව යනුවෙන් විෂයක් ඇතුළත්ව තිබුනත් අදටත් රංගනය නාට්‍ය කලාව හදාරන්න ක්‍රමවත් ආයතනයක් ලංකාවේ නැහැ.
එහෙම පසුබිමක තමයි සිනමාවට වේදිකාවට සහ රූපවාහිනී ටෙලි නාට්‍යය වලට දවසින් දවස රංගනයට බොහෝ තරුණ පිරිස් එකතු වෙන්නෙ..
එහෙම මෑතකදි එකතුවුන කෙනෙක් තමා උදුම්බරා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රග පාන නදීශානි හෙන්ඩර්සන්.ඇය මළල ක්‍රීඩිකාවකි. ඇගේ මව සහ පියාද පාපැදි ධාවන ශූරින් වන අතර ඇගේ නැගෙනියද මළල ක්‍රීඩිකාවකි. ක්‍රීඩා පවුලක උපත ලද ඇය අවුරුදු විසි පහක තරුණියකි.නදීශානි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ සිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.
මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව් වළින් ජයග්‍රහණය කර ඇති නදීශානී ට උදුම්බරා චිත්රපටයෙහි රගපාන්න අවස්ථාව ලැබී ඇත්තේ අහම්බෙනි.
සුසන්තිකා ජයසිංහ ඇයට රංගනයට පිවිසෙන්නට අවස්ථාව සමීප කරදී තිබේ. උදුම්බරා ධාවන ශූරියකගේ ජීවිතය කේන්ද්‍රකොටගත් චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය සඳහා නදීශානි ව තෝරාගෙන තිබුනා. ඉන් අනතුරුව ඇය අනෝජා වීරසිංහ විසින් මෙහෙයවනු ලබන අභින ඇකඩමියේ පුහුණුව සඳහා යොමු කරලා තියෙනවා. ඉන් අනතුරුව ප්‍රසන්නජිත් අබේසූරිය යටතේත් රංගනය පිළිබඳ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව තමන්ට ලැබුන චරිතයට ප්රවිශ්ට වූ බව නදීශානි පුවත්පතකට පවසලා තිබුනා.
හුගක් වෙලාවට අලුතෙන් එන කෙනෙකුට රංගනය පිළිබඳව යම් මට්ටමකින් හෝ හැදෑරීමක් වෙනුවෙන් තියෙන්නෙ අනෝජා වීරසිංහගේ අභින පමණයි.
කෙසේවුවත් ඉන්පසු ජැක්සන් ප්‍රවීණ රංගන හිල්පිනියගෙන් නදීශානි ට හොඳ සහයෝගයක් ලැබිලා තිබෙනවා.
ක්‍රීඩිකාවන් රංගනයට එකතු වන එක ලංකාවට තරමත් අලුත්. චුලකක්ෂි රණතුංගත් පැසිපන්දු ක්‍රීඩිකාවක් ... ඒ වගේම දීපිකා පඩුකෝන් බැටිමින්ටන් ක්‍රීඩිකාවක්.
මෝස්තර නිරූපණ ශිල්පිණියන් ශිල්පීන් වගේම නිවේදකයින් නිවේදිකාවන් ගායිකාවන් ගායකයින් රූ රැුජිනිවරුන් සිනමාවට ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙනවා. ක්‍රීඩිකාවන් ගේ සම්ප්‍රාප්තිය අහඹුවක් මයි.
කෙසේවුනත් නදීශානි ගේ ජීවිතයට අහඹු ලෙස ආ මේ අවස්ථාව ඇයට සතුටක් වගේම අභියෝගයක්. ක්‍රීඩිකාවකට අභියෝග ජය ගැනීඹ අසීරු කාරණයක් නෙමේ. කැපවීඹ පුහුණුවීම ඉවසීම හැදෑරීම ක්රීඩිකාවකගෙ ජයග්‍රහනයට අත්‍යාවශය දේවල්. ඒ හා සමානව රංගනයටත් මේ සියල්ල තිබිය යුතුයි.නිශානි දැන් තිරගතවන උදුම්බරා චිත්‍රපටයේ කරන රංගනය පිළිබඳව මාධය තුළ කතා බහට ලක්වුනා.
ක්‍රීඩිකාවකගේ චරිතයක් රගපෑම උදෙසා රංගනයට පිවිසි නදීශානි ට රංගන ශිල්පිණියක් ලෙස තම ජීවිතය ඉදිරියට ගෙනයා හැකි වේද?
එය අනාගතයට බාරයි.
https://casite-737679.cloudaccess.net/featured/4296-new-actress-nadeeshani#sigProId8e22604eb8