"Alien චිත්‍රපට මාලාවට වසර 40 ක් පිරීම නිමිත්තෙනි"
1974 වසරෙදි දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිනමාව ඉගෙන ගනිමින් ඉන්න අතරෙදි Dan O'Bannon විසින් Dark Star කියල විද්‍යා ප්‍රබන්ධ හාස්‍ය (sci-fi comedy) චිත්‍රපටයක් තිරරචනය කරල නිර්මාණය කරනව. Horror ශානරයේ (genre) දැවැන්තයෙක් වෙන John Carpenter අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයෙ පොඩි පිටසක්වල ජීවියෙක් ඉන්නව බීච් බෝලෙකට තීන්ත ස්ප්‍රේ කරල හදපු. මේ අත්දැකීම තාත්වික විදිහට පේන පිටසක්වල ජීවියෙක් ඉන්න චිත්‍රපටයක් කවදහරි හදන්න ඕන කියන අදහස Dan O'Bannon ගෙ ඔලුවට දානව. අවුරුදු කීපයකට පස්සෙ එයා ආපහු ඒ වගේ කතාවකට අතගහනව. නමුත් මේක comedy නොවන horror ශානරයේ වැඩක්. එයාගෙ වචනවලින්ම කියනව නම්,
"I knew I wanted to do a scary movie on a spaceship with a small number of astronauts"
(“මං දැනන් හිටිය, මට ඕන වුනා හදන්න බය හිතෙන චිත්‍රපටයක් අභ්‍යවකාශ යානාවක ඉන්න පොඩි ගගණගාමී කණ්ඩායමක් ගැන.”)
මේ අතර O'Bannon එක්ක ඉන්න එයාගෙ මිත්‍ර Ronald Shusett තවත් තිරපිටපත ගොඩනඟමින් ඉන්නව. පස්සෙ කාලෙක Total Recall (1990) චිත්‍රපටය බවට පත්වෙන්නෙ මේ තිරපිටපත. Ronald Shusett සහ O'Bannon දෙන්න එකතුවෙලා මේ ව්‍යාපෘති දෙක සහයෝගයෙන් කරන්න පටන් ගන්නව. මේ දෙන්න මුලින්ම O'Bannon ගෙ චිත්‍රපටය හදන්න තීරණය කරනව ඒක වියදම් අඩුයි කියන පදනම මත. මේක Memory කියල නම් කරපු පිටු 29 ක තිරපිටපතක්. මේකෙ Alien චිත්‍රපටයෙ ආරම්භ ජවනිකා අඩංගුයි. නමුත් කතාවෙ දුෂ්ඨ පිටසක්වලයා මොනවගේ වියයුතුද කියන අදහස තිබුණෙ නෑ.
මේ අතරෙදි O'Bannon බාරගන්නව Frank Herbert ගෙ Dune නවකතාව සිනමාවට නැඟිමේ ව්‍යාපෘතිය. ප්‍රංශ අධ්‍යක්ෂක Alejandro Jodorowsky ගෙ මේ ව්‍යාපෘතියට O'Bannon පැරීසියට ගිහිල්ල මාසයක් ගතකරනව. Dune ව්‍යාපෘතිය අසාර්ථක වෙලා නවත්තල දැම්මත් ඒක නිසා O'Bannon ට චිත්‍ර ශිල්පීන් කීපදෙනෙක්ගෙ අදහස් ලබාගන්න අවස්ථාව ලැබෙනව. (ආපහු David Lynch 1984 අවුරුද්දෙදි Dune සිනමාවට නඟනව)
මේ අතර වැදගත්ම කෙනා ස්විස් ජාතික H. R. Giger. මෙයා airbrush, පෙස්ටල්, මාකර්, තීන්ත සහ ලෝහ කොටස් උපයෝගී කරගෙන නිර්මාණය කරපු ජීවීන් සහ යන්ත්‍ර යා කරන විදිහෙ අමුතු චිත්‍ර සහ මූර්ති නිර්මාණයන් වලට ප්‍රසිද්ධයි. මේව හැඳින්නුවෙ biomechanical arts නැත්නම් ජෛවයාන්ත්‍රික සිතුවම් කියල. මෙයාගෙ සිතුවම් ශෛලිය ගොඩක් ඇල්බම් කවර, ගෘහ භාන්ඩ සහ ටැටූස් වලට පසුකාලීනව යොදාගෙන තියෙනව දකින්න පුලුවන්. තිරපිටපත සහ 20th Century Fox සමාගම එය අනුමත කිරීම ගැන පස්සෙ දීර්ඝව කතා කරනව. කොහොමහරි මෙතනදි තෝරගන්න අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Ridley Scott. O'Bannon විසින් Necronomicon කියන H. R. Giger ගෙ චිත්‍ර ඇතුලත් පොතක් Scott ට පෙන්නනව. දැකපු චිත්රවලින් ගොඩක්ම සිත් ඇදගන්නා බිය සහ කැලඹීම ඇතිකරන චිත්‍රය වෙන Necronom IV කියන විස්මකුරු (surreal) සිතුවම Scott තෝරගන්නව. Ridley Scott කියන විදිහට සිතුවමේ තියෙන රමණීයබව සහ සැඟවුණු ලිංගික පණිවුඩයන් (beauty and strong sexual overtones) විශේෂයි. සිතුවම ශිෂ්ණයක හැඩයෙන් යුක්තයි (phallic). පළවෙනි රූපයෙන් දැක්වෙන්නෙ ඒ සිතුවම. දෙවෙනි රූපයේ තියෙන්නෙ චිත්‍රපටය සඳහා Necronom IV ඇසුරෙන් Giger ඇඳපු Alien ජීවියා. තුන්වෙනි රූපය Necronomicon පොත. අනිකුත් රූප H. R. Giger ගේ සිතුවම් සහ මූර්ති කීපයක්. මීලඟ කොටසින් තිරපිටපත ගැන වැඩිදුර කතා කරමු….
https://casite-737679.cloudaccess.net/featured/5251-alien-190522#sigProIdb43b4e2528