සුෂාන්ත් සිං රාජ්පුත් තම නිවසේදී සියදිවි නසාගෙන මිය යාමේ සිද්ධිය ලෝකයම කම්පා කරනවන තරම් අවාසනාවන්ත සිද්ධියක් බවට පත් වී ඇත..ඒ අතරේ ඔහු විසින් ලැයිස්තු ගත කර තිබු සිහින 50 කින් යුත් ලැයිස්තුවක් පිළිබඳව මේ දින වල කතාබහට ලක්වෙමින් ඇත.
2019 අගභාගයේදී සුෂාන්ත් සමාජ මාධ්‍ය වෙත සිය සිහින ලැයිස්තුව හෙළි කිරීමට හා ඔහුගේ රසිකයන් සමඟ බෙදා ගැනීමට කටයුතු කර ඇත.
තම අත්අකුරින්ම ලියා තැබුණු මේ අපූරු සිහින එකතුව විශාල එකක් විය..ඒ සිහින වල විශේෂත්වය වන්නෙ තමන් වෙනුවෙන් මෙන්ම අන් අය වෙනුවෙන්ද විශාල ඉඩක් තබා තිබිමයි.
ඒ අතර කාන්තාවන්ට ආත්මාරක්ෂාව පිළිබඳ පුහුණුව ලබා දීමට උදව් කිරීම, ළමයි 100 දෙනෙක් නාසා හි වැඩමුළුක් සඳහා යැවීම, ළමයින්ට අභ්‍යවකාශය ගැන ඉගෙන ගැනීමට උදව් කිරීම,ගස් 1000 ක් සිටුවන්න,දරුවන්ට නැටුම් උගන්වන්න,නිදහස් අධ්‍යාපනය සඳහා වැඩ කිරීම, කයිලාෂායේ භාවනා කිරීම,දෘශ්‍යාබාධිත අයට සංඥා භාෂාව ඉගැන්විම සහ ස්වාමි විවේකානන්ද පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සැදීම වගේ එකුවකින් පෙනී යන්නෙ ඔහුගේ කරුණාවේ ස්වභාවය පිළිබඳ ඇඟවීමකි.
මීට අමතරව,ශූරයකු සමඟ චෙස් ක්‍රීඩා කිරීම, ලැම්බෝගිනියක හිමිකරුවෙකු වීම, යෝගා ඉගෙනීමට, නිල් කුහරයක කිමිදෙන්න (ගැඹුරු අගාධයක කිමිදෙන්න),නූතන භෞතික විද්‍යාවේ ද්වි-ස්ලිට් අත්හදා බැලීම සිදු කරන්න,පොතක් ලිවීමට,CERN.නැරඹිමට , ඩිස්නිලන්තයට යාම, LIGO රසායානාගාර නැරඹිම, අශ්වයෙකු ඇතිදැඩි කිරීම, අවම වශයෙන් නර්තන ආකාර 10 ක් වත් ඉගෙන ගැනීමට,ක්‍රමානුකූලව ගොවිපලක් කරන ආකාරය ඉගෙන ගැනීම, කැමතිම ගීත 50 ක ගිටාර් වාදනය ඉගෙන ගැනීම,රැළි අතරේ සැරිසැරීමට ඉගෙන ගැනීමට(Learn to Surf),. ප්‍රභල දුරේක්ෂයකින් ඇන්ඩ්‍රොමීඩා ගවේෂණය කිරීමට,වනාන්තරයක සතියක් ගත කිරීමවගේ සිහින 50 කින් යුත් ලැයිස්තුවක් සපුරා ගන්න සුෂාන්ත්ට අවශ්‍ය විය.
එහි ඇති වඩාත්ම සිත්ගන්නා කරුණ නම්, ඔහු එම ලැයිස්තුවෙන් යමක් පරික්ෂා කිරීමට සමත් වූ සෑම අවස්ථාවකම, ඔහු සිය ජයග්‍රහණය සිත්ගන්නා ශිර්ෂ පාඨ සමඟ සමාජ මාධ්‍ය තුළ බෙදාහදා ගත්තෙ ඒවායේ ඡායාරූප සහ විඩියෝ සහිතවයි.. සුෂාන්ත් මිය යන විට එම සිහින ලැයිස්තුවෙ සිහින 12 ක් ඉටු කරගැනීමට සමත් වී ඇත.
ඒ අතරට සාර්ථකව නිල් කුහරයක කිමිදීම (මධ්‍යම ඇමරිකාවේ බෙලීස් හි පිහිටි සමුද්‍ර දිය යට ගිලෙන වළක්) ද ඇතුලතය.
වර්ෂාව නොතකා 2019 ඔක්තෝම්බර් මාසයේදී ඔහු ඩිස්නිලන්තයට යාමද,
දෙවන සිහිනය වු අයන් මෑන් ට්‍රයැතලෝන් තරඟය සඳහා පුහුණුවක් ලබා ගැනීමද , එය ලෝකයේ දුෂ්කරම විඳදරාගැනීමේ තරඟයක් ලෙස හැඳින්වේ. සහභාගිවන්නා කිලෝමීටර් 3.8 ක් විවෘත ජලයෙන්, කිලෝමීටර 180 ක චක්රයකින් පසුව එක් දිනක් තුළ කිලෝමීටර 42.195 ක දුරක් ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.
වරක් ඔහු යුරෝපා සංවිධානයට ගිය විට ඔහුගේ ලැයිස්තුවෙන් 17 වන සිහිනය සපුරා ගැනීමට හැකි වු අතර, මුළු දවසම CERN විද්‍යාගාරයේ ගත කළේය.
තවද,සිහින අංක 33.ආත්මාරක්ෂාව සඳහා කාන්තාවන්ට සටන් පුහුණු කිරීම් වලට උදව් කිරීම..
ඔහු එම සිහියනය වෙනුවෙන් කාන්තා හමුදා කාණ්ඩායමක් සමඟ පුහුණු වැඩමුළුවක් පවත්වා ඇත..එහි විඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඇත්තෙ මේ ශිර්ෂ පාඨයත් සමඟයි.
"ආත්මාරක්ෂාව සඳහා වැඩි වැඩියෙන් කාන්තාවන් පුහුණු කිරීමට උදව් කරන්න.ඔව් අපි මෙය කරමු!" යනුවෙන්යhttps://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png");"
ලෝකයාටම යමක් හිතන්න සලස්වමින් සුෂාන්ත් නිහඬ වියhttps://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f613.png");">
ඒ හෘදයාංගම සුෂාන්ත් යන්නට ඇතත්, ඔහුගේ සිහින දිගටම පවතිනු ඇති අතර බලාපොරොත්තු සහගතව එය මිනිසුන්ට ආශ්වාදයක් ලබා දෙනු ඇත!
මේ ලිපිය උපුටා ගත්තේ ගයනි මංජුලා වෙදගේ ගේ මුහුනු පොතෙනි.