කලාවන් අතර චිත්ර කලාව යනු ලෝකයේ මුල්ම කලාවන් අතර ප්රමුඛ තැන හිමිවන්නකි. වර්තමානය වන විට වර්ණ මෙන්ම තාක්ෂණය යොදාගනිමින් චිත්ර කලාව අන් කවර කලාවටත් වඩා ඉහළ තලයක විශිෂ්ටයන් බිහි කරමින් මිනිසුන්ගේ තර්ක ඥානය මෙන්ම බුද්ධියද වර්ධනය කරමින් ඉහළින්ම පවතී.
මේ සිතීමේ කලාව ප්රගුණ කළ නිර්මාණශීලී යෞව්වනයෙකුගේ වෙනත් චිත්ර නිර්මාණය කිරීමේ කලාවකි. මෙහි චිත්ර ශිල්පියාගේ කුශලතාව පිළිබඳ සටහන් තබන්නේ සුජිත් රත්නායක විසිනි
විකට හෝ විකාර සහගත බලපෑමක් ඇති කිරීම සඳහා යම් කැපී පෙනෙන ලක්ෂණ අතිශයෝක්තියට නංවා අඳින රූප caricature ලෙස හඳුන්වනවා.
පුද්ගලයෙකුගේ පින්තූරයක් එසේ ඇඳීම වෙනම සෞන්දර්යක්.කාටූන්වලට එහා ගිය මෙය වෙනම කලාපයක්.ලංකාවේ මෙම කලාව ස්පර්ශ කරන Harshaka Rathna Kumara අපව කැන්දාගෙන යන්නෙ ලංකාවට එතරම්ම මිනිස්සු අතරට නොගිය caricature කලාවට.ඔහු එය ඇකඩමික් පුහුණුවෙන් ලද දැනුම හිතුවක්කරී ලෙස තාක්ෂණික මෙවලම් හරහා දියුණු විදියට අල්ලනවා.
තාක්ෂණයේ පිහිටෙන්ම විතරක් ගොඩ යන්න උත්සාහ ගන්න ගොඩක් අයට කලාව පිළිබඳ සෙන්ස් එක තාක්ෂණය එක්ක මුහුකරන හැටි හර්ශන අපට පසක් කරනවා.
ප්රගීත් රත්නායක
https://casite-737679.cloudaccess.net/featured/6498-artisst-harshaka-rathana-kumara#sigProIdacccc08198