විලාසිතා කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ලොව තුල පැවැත්වෙන උත්කර්ෂවත් රාත්‍රීන්ගෙන් ඉහළම ස්ථානයේ වැජඹෙන උත්සව රාත්‍රියක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන “Met Gala” සැලකිය හැකියි.
රංගන, ගායන යන විවිධ ක්ෂේත්රයන්හි සුපිරි තාරකාවන්ගෙන් ආලෝකමත් වෙන මෙම උත්සවය “මෙට්‍රොපොලිටන් මියුසියම් ඔෆ් ආට්ස් කොස්ටියුම් ඉන්ස්ටිටියුට්” වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිස සංවිධානය කෙරෙන්නකි.
එපමණක් නොව ප්‍රසිද්ධ පුද්ගලයන් ඉදිරිපත් කෙරෙන විවිධ විලාසිතා ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව ද එහිදී උදා වේ.
“ස්වර්ග වාසීන්: විලාසිතා සහ කතෝලික පරිකල්පනය” යන තේමාව යටතේ මෙවර සංවිධානය කෙරුණු මෙට් ගලා උත්සවය වෙනදාට වඩා වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් වූ බව පැවසිය හැකියි.
නිතර පුවත් මවන්නියක් ලෙසට ප්රද්ධියට පත් ගායිකා රිහානා ගේ විලාසිතාව පිළිබඳව මෙවරත් වැඩි විවේචන එල්ල වී තිබුණි. ඇය පැළඳ සිටි හිස් පළඳනාව ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණි.
බොලිවුඩ් නිළියන් දෙදෙනෙක් වන ප්‍රියංකා චොප්රා සහ දීපිකා පදුකෝන් ද උත්සවය සඳහා එක් වී සිටියහ.
ඇමරිකාවේ නිව්යෝක් නුවර මෙට්‍රොපොලිටන් මියුසියම් ඔෆ් ආට්ර්ස් හි පැවැත්වුණු මෙම උත්සවයේ විශේෂ අවස්ථා අපි මෙසේ ගෙන එන්නෙමු,
https://casite-737679.cloudaccess.net/life/fashion/3164-met-gala-2018#sigProId24135d4610