මෙවර #Met Gala විලාසිතා රාත්‍රියේ වැඩි අවධානය ලේඩි ගාගා ට
විලාසිතා කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ලොව පැවැත්වෙන උත්කර්ෂවත් උත්සව රාත්‍රීන්ගෙන් දැවැන්තම එකක් ලෙස නිව්යෝක් නුවර පැවැත්වෙන “Met Gala” සැලකිය හැකියි.
රංගන, ගායන යන විවිධ ක්ෂේත්රයන්හි සුපිරි තාරකාවන්ගෙන් ආලෝකමත් වෙන Met Gala “මෙට්‍රොපොලිටන් මියුසියම් ඔෆ් ආට්ස් කොස්ටියුම් ඉන්ස්ටිටියුට්” වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිස වාර්ෂිකව සංවිධානය කෙරෙන්නකි. මිල අධික ප්‍රවේශ පත්, සුපිරි ආරාධිත ලැයිස්තු, සෑම වසරකම වෙනස් වන තේමාවක් ඔස්සේ කෙරෙන විච්චුරණ විලාසිතා ආදිය නිසා වැඩි අවධානයක් දිනාගත් මෙම උත්සවයේ දී ප්‍රසිද්ධ පුද්ගලයන් ඉදිරිපත් කෙරෙන විවිධ විලාසිතා ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව ද උදා වේ.
ඡායාරුප ශිල්පිනි සූසන් සොන්ටාජ් විසින් 1964 දී ලියන ලද Notes on Camp නම් රචනය මුල් කරගනිමින් Met හි පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයට සමගාමිව යමින් “Camp: Notes on Fashion” යන තේමාව යටතේ මෙවර Met Gala සංවිධානය කර තිබේ.
ඒ අනුව මැයි 6 වැනිදා රාත්‍රියේ දක්නට ලැබුණු විලාසිතා “උත්ප්රාසය, උපහාසය, අනුකරණය, ප්‍රයෝග, නාට්‍යමය සහ අතිශෝක්තිය” පදනම් වූ ප්‍රදර්ශනයක් මෙන් විය.
ගායන සහ රංගන ශිල්පිනි ලේඩි ගාගා මෙවර විලාසිතා රාත්‍රියේ වැඩි අවධානයට ලක් වූ සුපිරි තරුව යි. උත්සව රාත්‍රිය ආරම්භයේ දීම ඇය Met වෙත පැමිණි අතර ඇගේ රෝස පැහැති පිම්බුණු ඇඳුම අවසානයේ දී දකින්නට ලැබුනේ වෙනස්ම විදියකට ය.
https://casite-737679.cloudaccess.net/life/fashion/5187-met-gala-190507#sigProId3fe5df806a
ඇමරිකාවේ නිව්යෝක් නුවර මෙට්‍රොපොලිටන් මියුසියම් ඔෆ් ආට්ර්ස් හි පැවැත්වුණු මෙම උත්සවයේ විශේෂ අවස්ථා අපි මෙසේ ගෙන එන්නෙමු,
https://casite-737679.cloudaccess.net/life/fashion/5187-met-gala-190507#sigProId4c974e8ec6