රටවල් අටක අධ්‍යයනයකට අනුව, කේක්, කුකීස්, පෙර සැකසූ (කලින් පිසින ලද) ආහාර සහ ඒ හා සමාන ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් ඔබේ අකල් මරණ අවදානම වැඩි විය හැකි ය.
.කොලොම්බියාව, චිලී, මෙක්සිකෝව, බ්‍රසීලය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් ලබා ගත් අධි සැකසුම් ආහාර (UPF) පිළිබඳ දත්ත බ්‍රසීලයේ ඔස්වල්ඩෝ කෲස් පදනමේ (FIOCRUZ) ආචාර්ය එඩුවාඩෝ නිල්සන් ප්‍රධානත්වය දරන කණ්ඩායමක් විසින් විශ්ලේෂණය කරන ලදී.
American Journal of Preventive Medicine නමැති වෛද්‍ය සඟරාවේ සඳුදා ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය මගින් අධි සැකසුම් ආහාර අඩුවෙන් අනුභව කිරීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා ආහාර උපදෙස් ලබා දෙන ලෙස විශේෂඥයෝ රජයන්ගෙන් ඉල්ලා සිටිති.
2022 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, බ්‍රසීලයේ වැඩිහිටියන්ගෙන් අඩක් අධිබරින් යුක්ත වන අතර හතරෙන් එකක් ස්ථූලතාවයෙන් යුක්ත ය. වර්ධනය වන මෙම සෞඛ්‍ය ගැටලුව විසඳීමට ඔස්වල්ඩෝ කෲස් පදනම එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහය වෙයි.
ඔවුන්ගේ ගණනය කිරීම් මත පදනම්ව, අධි සැකසුම් ආහාර නිසා ඇති වන අකල් මරණ කොලොම්බියාව වැනි අධි සැකසුම් ආහාර අඩුවෙන් පරිභෝජනය කරන රටවල 4% සිට එක්සත් රාජධානියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ 14% දක්වා පරාසයක පවතින බව අධ්‍යයනයෙන් හෙළි විය.
එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගේ ආහාර පරිභෝජනයෙන් 53%ක් අධිසැකසුම් ආහාර මගින් ලබා ගන්නා බවට වන වාර්තා මත පදනම්ව ඔවුන් මෙය ගණනය කර තිබේ. එය ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව වාර්තා වී ඇති දෙවන ඉහළ ම අගය යි.
තම ආකෘතියට අනුව පර්යේෂකයන් අනුමාන කළේ, 2018-19 කාලයේදී එක්සත් රාජධානියේ අකල් මරණ 17,78ක් පමණ අධිසැකසුම් ආහාර සමග සම්බන්ධ වී තිබිය හැකි බවට ය.
"දත්ත ගොඩක් තිබෙනවා. මං හිතන්නේ අධිසැකසුම් ආහාර නිසා ඇති වන මරණ අවදානම වැඩිවීම එතරම් පුදුමයක් නෙවෙයි," ලන්ඩනයේ කිංග්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යා අංශයේ පර්යේෂණ සහකාර ආචාර්ය මේගන් රොසි පවසයි.
"ශාකමය රසායන සහ තන්තු අඩංගු සමහර ආහාර අපගේ සෛල ඔක්සිකරණයෙන් හා ප්‍රදාහයන්ගෙන් ආරක්ෂා කරන බව අපි බොහෝ කලක සිට දැනගෙන සිටියා. ඒ ආහාර අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන අතර රෝගවලින් ආරක්ෂා කරනවා, අපි ඒ ආහාර නොගත්තොත් අපිට එම ආරක්ෂාව අහිමි වෙන බව අපි දන්නවා," ඇය බීබීසී වෙත පැවසුවා ය.
ඇය පවසන පරිදි ඍණාත්මක බලපෑම් ආකාර දෙකකින් පැමිණේ: අධිසැකසුම් ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීම යනු පලතුරු සහ එළවළු වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබට මග හැරීමක් වන අතර, ඒවා ඔබව ඉතා දිගු කාලයක් පූර්ණ ලෙස තබා නොගන්නා බවත්, එනම් ඔබ ඒවා වැඩි වැඩියෙන් අනුභව කරන බවත් ඇය පවසයි.
සැකසූ ආහාර දිගුකල් පවතින පරිදි හෝ වඩා හොඳ රසයක් ලබා දීම සඳහා වෙනස් කර ඇත. ඒ සඳහා සාමාන්‍යයෙන් ලුණු, තෙල්, සීනි භාවිත කරයි.
Pattern රටාව
අධිසැකසූ ආහාර ඔබේ සෞඛ්‍යයට අහිතකර බවට සාක්ෂි වැඩිවෙමින් පවතින බව විද්‍යාඥයින් එකඟ වන නමුත්, එය 100% නිශ්චිතව පැවසීම තවමත් දුෂ්කර ය.
බොහෝ අධ්‍යයන මගින් අතිශයින් සැකසූ ආහාර සහ දුර්වල සෞඛ්‍යය අතර සම්බන්ධයක් සොයාගෙන ඇත, නමුත් පැහැදිලි සාක්ෂි නොමැති බැවින් එකක් අනෙකට හේතු වන බව ඔප්පු කළ නොහැක.
කෙසේ වෙතත්, පර්යේෂකයන් නිරන්තරයෙන් අධිසැකසුම් ආහාර සහ විවිධ සෞඛ්‍ය ගැටලු අතර සම්බන්ධතා සොයාගෙන ඇත.
පසුගිය වසරේ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධිසැකසුම් ආහාර අනුභව කරන මිලියන 10කට ආසන්න ජනතාවක් පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, ඔවුන්ට හෘදවාහිනී රෝග, තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව, කාංසාව සහ මානසික අවපීඩනය හේතුවෙන් මරණ අවදානම වැඩි බව ය.
මෙම අධ්‍යයනයෙන් පවා, රෝග ඇති වූයේ ආහාර සැකසීම නිසා ද නැතහොත් බොහෝ අධිසැකසුම් ආහාරවල මේදය, සීනි සහ ලුණු අධික වීම නිසා ද යන්න පැවසීම දුෂ්කර ය. ඒවා බර අධිකවීමට සහ ඇතැම් ආහාර පිළිකා ඇති කරන බව දන්නා හේතුවක් වේ.
කෙසේ වෙතත්, ආචාර්ය නිල්සන් විසින් මෙහෙයවන ලද පර්යේෂණයේ සීමාවන් සම්බන්ධයෙන් පෝෂණ විද්‍යාඥයින් කිහිප දෙනෙක් පැහැදිලි කිරීමක් කළහ.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජෛව සංඛ්‍යා ලේඛන ඒකකයේ සංඛ්‍යා ලේඛනඥ ස්ටීවන් බර්ගස් පැවසුවේ, මෙම අධ්‍යයනය නිරීක්ෂණාත්මක එකක් වන අතර, හේතු ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව ය.
"මෙම ආකාරයේ පර්යේෂණ මගින් අධිසැකසුම් ආහාර පරිභෝජනය හානිකර බව ඔප්පු කළ නොහැකි නමුත්, ඒවා පරිභෝජනයෙන් දුර්වල සෞඛ්‍ය ප්‍රතිඵල ඇති වන බවට සම්බන්ධ කරන සාක්ෂි සපයනවා," ඔහු පැවසීය.
"සැබෑ හේතුකාරක අවදානම් සාධකය අධිසැකසුම් ආහාරවලට වඩා, හොඳ ශාරීරික යෝග්‍යතාව වැනි අදාළ අවදානම් සාධකයක් වෙන්න පුළුවන්. අධිසැකසුම් ආහාර කියන්නේ සැලකිය නොහැකි කරුණක් විතර යි."
"සැබෑ අවදානම් සාධකය අධිසැකසුම් ආහාර නොව, ශාරීරික යෝග්‍යතාව වැනි අදාළ දෙයක් විය හැකි අතර අධිසැකසුම් ආහාර යනු අතුරු ආබාධයක් පමණයි."
"ඒත් ගොඩක් රටවල්වල සහ සංස්කෘතීන්හි මේ සම්බන්ධතා දෙස බලද්දි, අධිසැකසුම් ආහාර නොසැලකිය යුතු කරුණක් කියන එක ගැන සැකයක් මතු කරනවා."
ඔබ අධිසැකසුම් ආහාර පරිභෝජනය කරන්නේ දැයි දැන ගන්නේ කෙසේ ද?
පසුගිය වසර 50 තුළ ආහාර නිෂ්පාදනය වේගවත්ව වෙනස් වී තිබේ.
අධිසැකසුම් ආහාර අර්ථ දැක්වෙන්නේ, ඒවා කොපමණ කාර්මික ක්‍රියාවලීන් හරහා සකසා තිබේ ද? යන්න සහ ඒවායේ ඇසුරුම්වල උච්චාරණය කිරීමට අපහසු අමුද්‍රව්‍යවල දිගු ලැයිස්තුව මගිනි. බොහෝ අධිසැකසුම් ආහාරවල මේද, සීනි හෝ ලුණු ඉහළ මට්ටමක පවතින අතර බොහෝ ඒවා ක්ෂණික ආහාර ලෙස සැලකේ.
එම ශ්‍රේණිගත කිරීම්වල පහළ ම කාණ්ඩය වන්නේ, පලතුරු සහ එළවළු වැනි ආහාර වන අතර ඒවා කිසිසේත් ම සකස් නොකෙරෙන අතර, සැකසූ ආහාර දිගු කල් පවතින පරිදි හෝ වඩා හොඳ රසයක් ලබා දීම සඳහා වෙනස් කර ඇත. සාමාන්‍යයෙන් ලුණු, තෙල් සහ සීනි භාවිත කරයි.
අධිසැකසුම් ආහාර සඳහා උදාහරණ ලෙස අයිස්ක්‍රීම්, සැකසූ මස්, ක්‍රිස්ප්, මහා පරිමාණයෙන් නිපදවන ලද පාන්, ඇතැම් උදෑසන ධාන්‍යමය ආහාර වර්ග, බිස්කට් සහ සෝඩා වැනි ආහාරපාන වර්ග ඇතුළත් වේ.
වැඩි රසයකින් යුක්ත වීම, මිල අඩු වීම සහ විශේෂයෙන් ළමුන් ඉතා ප්‍රියවීම ආදී කරුණු හේතුවෙන් එවැනි නිෂ්පාදන අනවශ්‍ය ප්‍රමාණයන්ගෙන් පරිභෝජනය කරති.
අධිසැකසුම් ආහාර අනුභව කළ පුද්ගලයින්ට දුම්පානය සහ අඩු ව්‍යායාම කිරීම වැනි වෙනත් සෞඛ්‍ය සම්පන්න නොවන හැසිරීම් ඇති වීමේ ඉඩකඩ වැඩි බව වෛද්‍ය රොසි පෙන්වා දෙයි.
අධිසැකසුම් ආහාරවල බොහෝවිට සීනි සහ ලුණු ප්‍රමාණය බෙහෙවින් වැඩි ය.
අනතුරු ඇඟවීමේ සංඥා:
- ඔබට උච්චාරණය කළ නොහැකි අමුද්‍රව්‍ය
- පැකට්ටුවේ ලැයිස්තුගත කර ඇති අමුද්‍රව්‍ය ගණන පහකට වඩා වැඩි වීම
- ඔබේ මිත්තණිය ආහාර ලෙස හඳුනා නොගන්නා ඕනෑ ම දෙයක්
අදාළ ආහාරය අධිසැකසුම් ආහාරයක් බවට ඇතැම් අමුද්‍රව්‍ය සංඥා කරයි
- වෙනස් කරන ලද පිෂ්ටය වැනි ඝණීකාරක
- ශාකමය රසායනික ද්‍රව්‍ය
- ඉමල්සිෆයර් (සෝයා ලෙසිතින් සහ කැරජීනන් වැනි)
- සීනි ආදේශක (ඇස්පාර්ටේම් සහ ස්ටේවියා වැනි)
- ශාකවලින් නොලැබෙන කෘත්‍රිම ආහාර වර්ණක
- නිවසේ මුළුතැන්ගෙයි රාක්කවලින් හෝ සුපිරි වෙළෙඳසලකින් පවා ඔබට සොයාගත නොහැකි කෘත්‍රිම රසකාරක සහ අනෙකුත් අමුද්‍රව්‍ය
(මූලාශ්‍රය - BBC News සිංහල ඇසුරිනි)