දේශපාලනඥයෙකු ලෙස තමන් හැඳිවුවත් නිරෝෂන් ප්‍රේමරත්න යනු මාධ්‍යවේදියෙකු මෙන්ම ජනතා ආදරය දිනූ කලාකරුවෙකි. අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහතා පිළිබඳව සටහනක් තමබ්මින් ඔහු මෙසේ අද (11) දිනයේ කියා තිබිණි.
"පුංචිම කාලේ ජීවිතේ හිටපු වීරයෙක්, ඔබ වගේ වෙන්න ඇත්නම්, ඔබ අපේ ලොකු අයියා උනා නම්, ඔබෙන් ඉගෙන ගන්න තිබුන නම්, ඔබව දකින්න ඇත්නම්, කියල බොහෝ සිතුවිලි ඔබ ගැන හිතපු කෙනෙක්. මම වගේ හිතපු ගොඩ දෙනෙක් මේ රටේ ඉන්න ඇති. උසස් පෙල ලියන කාලේ ඔබට ලිපි ලියපු කෙනෙක්. පස්සෙ කාලෙක ඔබ එක්ක වැඩසටහන්වල මිතුරු සමාජවල එකට ඉන්න ලැබුණු කෙනෙක්.
ඔබ මට වඩා කාලයක් ඉන්න තිබුනු කෙනෙක් 🙏 ඔබ මට වඩා වටින කෙනෙක් අපි බොහෝ දෙනෙකුට වඩා මිනිස්සු සතුටු කළ හැකි කෙනෙක්.
අපි අන්තිමට හමුවෙන්නෙ 2022 මම ස්වාධීන රූපවාහිනියෙ සභාපති වෙලා ඉද්දි අපි කරපු වෙනස් විදියේ අවුරුදු සාජ්ජයේදි. ඔබ එහි පූරක. ඔබ ඒක ඔබේ නිවේදක දිවියේ වෙනස් විදියට කලා.
ආපු ගොඩ දෙනෙක් ගියා අයියේ. අපිත් යනවා හැමෝමත් යනවා. හැබැයි මට මේ දැනුත් හිතෙන්නෙ ඔබ ඉන්න ඕනේ මිනිහෙක් . ඔබත් තව බොහෝ දේ කරන්න හිතන් හිටපු මිනිහෙක්. ඔබ කෙසේ හෝ ජීවත් වෙනවා නම් කොච්චර සතුටක් ද ,
"ඇත්ත මිනිසුන් සිටින බිමක
යළි ඔබ ආරම්භ කරන්න."
සුබ ගමන් ආදරණීයයානෙනි !❤️