ලංකාවේ තිබෙන ලස්සනම දිය ඇලි වලින් එකක්. මේ දිය ඇල්ල පටන්ගන්නේ පිදුරුතලාගල කන්දෙන්
ලවර්ස් ලීප් නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාඑළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා.
නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන.
මේ ඇල්ලේ උස 30m , අඩි 98. පමණ වනවා
ලවර්ස් ලීප් දිය ඇල්ල නම පට බැඳුණ ආකාරය ගැන ජනප්රවාදයක් තියනවා ඒ දඩයමේ ගිය රජ කුමාරයෙක් අතරමන් උනාට පස්සේ මේ අවට ජීවත් උන ලස්සන ගැහැණු ළමයෙක් හමු උනා. පසුව මේ දෙන්න වෙන් කරන්න බැරි තරමටම ආදරෙන් බැඳුනා.
මේ සම්බන්ධතාවයට නම් කුමාරයාගේ තාත්තා කැමතිවෙලා නැතිලු ඒ නිසා එයාගේ හේවායෝ දාලා තියනවා මේ කුමාරය සහ ගැහැණු ළමයාව අල්ලා ගන්න .
ඔවුන් හේවායන්ගෙන් හැංගිලා අවසානේ මේ දිය ඇල්ල ළඟට ඇවිත් වෙන කොහෙවත් යන්න බැරි නිසා දෙන්නම අත් අල්ලාගෙන මේ ඇල්ලෙන් පහලට පැන්න කියලා තමයි කියන්නේ.
ඡායාරූප -We Go To Sri Lanka
https://casite-737679.cloudaccess.net/life/tours/278-lover-s-leap-waterfall#sigProId8316823dd6