lan englan tam

පුවත්

මහ ඡන්දෙන් මාධ්‍ය නාලිකා ලද ආසන සංඛ්‍යාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා දේශපාලන පක්ෂ සඳහා විවිධාකාරයෙන් දැක්වූ දායකත්වය පසුගිය මැතිවරණ ප්‍රචාරක සමයේදී බෙහෙවින් දක්නට ලැබිණි. එසේම එහි මැතිවරණය සඳහා දැක්වූ දායකත්වයද බෙහෙවින් ජනතාවගේ අවධානයට යොමු විය.

ඇතැම් මාධ්‍ය නාලිකා ප්‍රසිද්ධියේ මෙන්ම වක්‍රව මැතිවරණයේදී පාක්ෂිකව කටයුතු කළ බව පෙනෙන්නට තිබූ අතර ඇතැම් තත්ත්වයන්වලදී මාධ්‍යයේ හැසිරීම තීරණය කරන නිර්ණායකද මැතිවරණ නීතිය තුළ තිබුණේ අවමවය.
මහ මැතිවරණය අවසන් වීමත් සමග බොහෝ දෙනෙකු රූපවාහිනී මාධ්‍ය ආයතන මැතිවරණයේදී පක්ෂ ලබා ගත් ආසන සංඛ්‍යාව අනුව ඇගයීම හැටියට වෙන් කර දැක්වීමට ඇතැම් සමාජ ජාල ක්‍රියාකරුවන් විසින් කටයුතු කරනු ලැබ තිබිණි.
එහිදී වැඩිම ඇගයීම් ලබාගත් නාලිකා ලෙස 159ක් සිරස/සියත නාලිකාද 40ක් ආසන හිරු ටීවී නාලිකාව, ආසන 01ක් දෙරණ නාලිකාව, ස්වර්ණවාහිනිය ආසන නොමැති බවද සඳහන් කර පළ කර තිබිණි.
එය හුදෙක් මාධ්‍යයට අපහාස කිරීමට නොව සියුම් උපහාසයක් දැක්වීමට බව පෙනී ගිය අතර එහි අර්ථය රූපවාහිනී නාලිකාවල මධ්‍යස්ථ සහ වාර්තාකරණයේ ප්‍රශස්ත බවද යන්නට කිසිවෙකුත් පවසා නොතිබිණි. නමුත්, එහි යම් උත්ප්‍රාසයක්ද පෙනෙන්නට තිබේ.

Back to top
Go to bottom