lan englan tam

පුවත්

අලුතින් අස්වද්දන පොළොවට දර්ශන රුවන්ගේ 'ගොවි තාත්තා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සමනල සංධ්වනිය' චිත්‍රපටයෙන් ගීත රසිකයින්ගේ සහ සිනමා රසිකයින්ගේ හදවත් තුළ ලැඟුම් ගත් සංගීතඥයා දර්ශන රුවන් දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගොවි තාත්තා' සිනමාපටය ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිනමා බලාපොරොත්තුවකි.

ශ්‍රී ලංකාවේ සංගීතඥයකු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන පළමු සිනමාපටය ලෙස සලකන ගොවි තාත්තා විශේෂ දර්ශන වාර මේ වසරේ මුලදී පැවැත්වුණ අතර ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරන පාර්ශ්ව සඳහන් කරන්නේ එය ඉතා ඉහළ තත්ත්වයේ පවතින සිනමා නිර්මාණයක් වන බවයි.
නමුත්, ඇතැමුන්ගේ විරෝධය මත චිත්‍රපටය ප්‍රදර්ශනයට බාධා එල්ල වූ බව පැවසේ.
ජගත් චමිල, හිමාලි සයුරංගි රංගනයෙන් දායක වන චිත්‍රපටයේ කතා තේමාව කාබනික වගාව අගයන ගොවි මහතකුගේ සැබෑ ජීවිත කතාවක් ඇසුරෙන් නිමවා ඇති බව පැවසේ.
සිනමාපටය ඉක්මනින් ප්‍රේක්ෂකාගාරයට ගෙනා යුතු බව එහි ඇතැම් දර්ශන සහ විශේෂ දර්ශන නැරඹූ බොහෝ දෙනෙකු මීට පෙරද කියා තිබිණි.
ඒ අනුව චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනයට පැමිණෙනු ඇති බව පැවසේ.

Back to top
Go to bottom