lan englan tam

පුවත්

රත්න ශ්‍රී විජේසිංහයන් ජාතික පුස්තකාලයේ වැඩ බාර ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අභිනව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ කිවිවර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා අද (16) සිය ධුරයේ වැඩ බාර ගත්තේ.

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ හා සිංහල ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණකරුවකු වශයෙන් අභිමානවත් සේවාවක් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදු කළ නිර්මාණවේදියෙකු වන අතර හෙතෙම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 20 වැනි සභාපතිවරයා වේ.
එතුමා සමඟම ජාතික පුස්තකාලයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයද අද දින වැඩ බාර ගැනීම සිදු වූ අතර මේ අවස්ථාවට ජන නියමු කලාකරුවන්ගේ සංගමයේ සාමාජික ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ, කමල් පෙ‍රේරා ඇතුළු පිරිසක් ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, අධ්‍යක්ෂ සේනානි බණ්ඩාර, අධ්‍යක්ෂ පද්මා බණ්ඩාරනායක යන මහත්ම මහත්මීහු එක් වූහ.

rss

Rsss

Back to top
Go to bottom

Popular News