"විසංගමනය" තිරයට රැගෙන ආ ටෙලි හා සිනමා අධ්යක්ෂ රන්ජන් ප්‍රසන්නගේ දෙවැනි සිනමා නිර්මාණය වන 'සුපෙම් සුළඟක්' චිත්‍රපටයේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණු අතර සඳුන් දොලමුල්ලගේ නිෂ්පාදනයක් වන චිත්‍රපටයේ තිරපිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් රචනා කරනු ලබයි.
ලවන් අභිෂේක්, නෙත්මි රෝෂෙල් සහ සචින්තනී කෞශල්‍යා ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන මෙහි සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සේමිණී ඉද්දමල්ගොඩ, දුලානි අනුරාධා ඇතුළු ප්‍රවීණයෝ රැසක් රංගනයෙන් එක්වෙති.