පසුගිය සතියේ අවසන් වූ Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සෝබන් වේල්රාජාගේ 'තත්තරසමයම්' (අර්බුදය) කෙටි චිත්‍රපටය සම්මාන ලැබූ අතර අභිෂේක් පාල්රාජ්ගේ The Empty Bed (හිස් යහන) ජූරියේ සම්මාන ලැබීය.
දෙසැම්බර් 09 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ගෝතේ ආයතනයේදී සිනමා දැක්ම පැවැත්වුණ අතර චිත්‍රපට 40කට ආසන්න සංඛ්‍යාවක් තිරගත කෙරිණි.
මඩකලපුව, කොළඹ, ගාල්ල, ගම්පහ, යාපනය, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, මුලතිව් සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරන සිනමාවේදීන් මේ සඳහා තරඟ කළ අතර Agenda 14 යනු තරුණ සිනමාවේදීන් දිරි ගැන්වීම සඳහා 2011දී ආරම්භ කළ සිනමා උළෙලක් වේ.