lan englan tam

පුවත්

ලසන්ත ද සිල්වාගේ 'අගත අනගත'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වාගේ මීළඟ කෘතිය 'අගත අනගත' හෙට (24) එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

2024 වසරේ 'විදර්ශන ප්‍රකාශන' ලෙස නවකතාකරුවන් පස් දෙනෙකුගේ පළමු නවකතා එළි දක්වන අතර 'අගත අනගත'ද එම කෘතීන් අතරින් එකකි.
තම පළමු නවකථාව තුළ ලසන්ත ද සිල්වා පෙන්වන බුහුටි නිර්මාණාත්මක හැසිරීමද, තේමාවේ නව්‍යතාවද, ආකෘතිකම සුවිශේෂබවද, නවකතාවේ චරිත - සිදුවීම් සංවිධානයේදී ඔහු දක්වන නිර්මාණාත්මක ප්‍රාගුණ්‍යය මෙන්ම නවකථා බසෙහි පොහොසත් බවද කෘතිය නොපැකිළව පළ කරන්නට පෙළඹුණු කාරණා බව විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ පවසයි.
"සෙයිතාන් විසින් පාපයට පොළඹවනු ලදුව ස්වර්ගයෙන් පළවා හළ ආදම් ද අවාසනාවත් ගැහැනිය ඒවා ද මිහිමත සළකුණු කළ පා සටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන් නැව් නැගි ඔහු සෙරන්ඩිබයට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු බිලිගත් සර්පයාත් සෙයිතාන් ම ද?
සෙරන්ඩිබයේ මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර් ද සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකය ද අගත අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව පිපුණේ ය.
ඒ කථාව දේශපාලනික ය. ආදම්ගේ සමයේ සිට ගෙතී තිබූ සියළු කථා දේශපාලනිකය. අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කථාව ද එසේමය." යනු කෘතියේ එක් පරිච්ඡේදයකින් කොටසක් වේ.

Back to top
Go to bottom