lan englan tam

පුවත්

වසර 107ක් දුර ආ දකුණු ආසියාවේ පළමු 'ඔන්ලයින්' පුවත් සන්නාමය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ජාතික පුවත්පත් අතර ප්‍රමුඛතම නාමයක් සනිටුහන් කරන 'ඩේලි නිවුස්' පුවත්පත පසුගිය ජනවාරි ඔ3 වැනිදා සිය 107 වැනි සංවත්සරය සැමරීය.

ජාතික පුවත්පත් කලාව තුළ එය පහසු ගමනක් නොවන අතර ඩිජිටල්කරණය වූ සමාජයක කියැවීමේ අභිලාෂය ඇති මිනිසුන් දිරිමත් කරමින් වර්තමානයේ පුවත්පතට යාමට සිදුව ඇති ගමනද අභියෝගාත්මක එකකි.
පුවත්පත් කලාව තුළ් එහෙයින් නිර්භීත ගමනක් තවදුරටත් යාමට 'ඩේලි නිවුස්' පුවත්පතට සිදුව තිබේ.
ප්‍රවෘත්ති, කාලීන සිදුවීම්, සමාජීය අවශ්‍යතා කියවීමේ අභිලාෂය, උනන්දුව පවතින තාක් කල් පුවත්පත පවත්වාගෙන යාමේ අපේක්ෂාව එහි පත්තරකරුවන්ට තිබේ.
එසේම මේ වන විට ඩිජිටල් වේදිකාව තුළද අනන්‍යතාව සහිත නාමයක් සනිටුහන් කරගනිමින් ඉදිරියට යාමේ අභියෝගය පුවත්පත විසින් සාදනු ලැබූ ඩිජිටල් වේදිකාවද භාරගෙන තිබේ.
'ඔන්ලයින්' භාවිතයේ දකුණු ආසියාවේ පළමු පුවත් සන්නාමය වූ 'ඩේලි නිව්ස්' විවිධ දේශපාලන අධිකාරීන් අතරේ නිවහල් බව සනිටුහන් කරගැනීමද දිගු දැඩි උත්සාහයක් ගනිමින් සිටින ප්‍රකාශනයකි. ජනසන්නිවේදනයේ සරල බවද කරට ගනිමින් ඉදිරියට යන 'ඩේලි නිවුස්' වෙත ප්‍රමාද වූ සුබ පැතුම් මේ මොහොතේ පළ කරමු!

Back to top
Go to bottom