මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ 'බුද්ධං සරණං ගච්ඡාමි' නමින් සිතුවම් ප්‍රදර්ශන මාලාවක් පසුගියදා (13) ආරම්භ කෙරිණි.
කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දුරුතු පොහොය නිමිති කරගෙන මෙම සිතුවම් දැක්ම පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
බුදුන් වහන්සේගේ ජීවිතයේ සංධිස්ථාන, නූතන ඉන්දියානු ශිල්පීන් බෞද්ධාගමට සහ අධ්‍යාත්මිකත්වයට වැදගත්කමක් ඇති බව පෙන්වන සිතුවම්ද ප්‍රදර්ශනයේ පෙන්නුම් කර තිබේ.
ප්‍රදර්ශනය ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරිය විසින් මෙහෙයවන ලදී.