ශ්‍රී ලංකාව තුළ හින්දි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස හින්දි භාෂාව පිළිබඳ පළමු දුරස්ථ සහතික පත්‍ර පාඨමාලාව පසුගියදා (10) ආරම්භ විය.
ලෝක හින්දි දිනයේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධාන කරන ලද භාරත්-ශ්‍රී ලංකා හින්දි සම්මේලනය අතරතුර එය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය අතර සහයෝගීතා වැඩසටහනක් වන මෙම සහතික පත්‍ර පාඨමාලාව, විශ්වවිද්‍යාලයේ රට පුරා ඇති අධ්‍යයන මධ්‍යස්ථාන හරහා හින්දි ඉගෙනීමට වඩාත් වැඩි ප්‍රවේශයක් ලබා දෙයි.
මෙම වැඩසටහන අන්තර්ජාතික භාෂාවක් ලෙස හින්දි සඳහා ඇති ඉල්ලුම පිළිබිඹු කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යයන සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි.
මෙම පාඨමාලාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න යන පිරිසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
පුවත් මූලාශ්‍ර: දිනමිණ