lan englan tam

පුවත්

පරාක්‍රම ඒකනායකගේ Anti Bodies ආසියාව ජය ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'විදුසර' විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා තරඟයෙන් ජයග්‍රහණය කළ කෙටිකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද Anti Bodies කෙටි චිත්‍රපටය විසින් ඉන්දියාවේ Asian talent international film festival – 2024 - Best covid – 19 Film Awards විශේෂ ජූරි සම්මානය දිනා ගැනිණි.

චිත්‍රපට 1150කට අධික චිත්‍රපට සංඛ්‍යාවක් අභිබවමින් ජය ලැබූ චිත්‍රපටය රූපවාහිනී කළමනාකරුවකු සහ නිර්මාණකරුවකු වූ පරාක්‍රම ඒකනායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත.
චිත්‍රපටයට ඇසුරු කරගෙන ඇත්තේ 'ප්‍රතිජීව' නම් කෙටි කතාව වේ.
සිනමාපටයේ තිර රචනය සහ නිෂ්පාදනය විරාජ් කරුණානන්ද විසින් සිදු කරනු ලැබ ඇති අතර නිලංක නවෝද් සිරිවර්ධන සහ ෂෙරීන් එදිරිසිංහ රංගනයෙන් දායක වී ඇත.

පසුගිය දෙසැම්බරයේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි.

Back to top
Go to bottom