ඇල්බොරෝදා කරලා මේ තරම් ඉක්මනට ආයෙත් චිත්රපටියක් කරන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. විශේෂයෙන්ම මගේ අසනීප තත්ත්වයත් එක්ක.
ඒත් ලයිකා චිත්රපට නිෂ්පාදන සමාගම චිත්රපටිය කරන්න කියලා මට ආරාධනා කරනකොට මට ඒක ප්රතික්ෂේප කරන්න, අසනීපය හැරෙන්නෙ වෙන හේතුවක් තිබුණේ නැහැ. කොහොමටත් සිනමාවේ මගේ ගමන් මග වැටී තිබෙන්නේ කටු කොහොල් මතින්. කොහොම හරි මේ චිත්රපටය කරන්න කියලා මගේ මිතුරන් මට බලකර සිටියා. දිගු කාලයක් ගන්නා සෙමින් හොඳ වෙන අසනීපයෙන් ගොඩ එන්න නම් හිත ඒකෙන් අයින් කරගන්න ඕනේ. ඒකටත් මට මේක උපකාරයක් වෙයි කියලා හිතුණා. මේ සඳහා මා කෙරෙහි විශ්වාසය තිබ්බ, ලයිකා නිෂ්පාදන සමාගමටත්, මගේ මිතුරු මිතුරියන් සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙන්න ඕන.
ඒ සියලු දෙනා නොවෙන්න රාණි නොඑන්න තිබ්බා.
ඒ වගේම මෙය ජනතාව අතරට ගෙනියන්න ඔබ දැක්වූ සහයෝගය අපමණයි.
රාණි - මනෝරාණි ගැන මගේ කතාවයි. අද පටන් එය මහජන ප්රදර්ශනය සඳහා මුදා හැරෙනවා.
This film is tribute to Dr. Manorani Saravanamuttu’s struggle for the justice.
'රාණි' අධ්‍යක්ෂ අශෝක හඳගම 'රාණි' නිකුත් කළ දින තැබූ සටහනකි.