කොළඹ විශ්වවිද්‍යාලය විසින් බිහි කරන ලද පැරණිතම විද්‍යාර්ථීන් අතර ජීවමානව සිටින විද්‍යාර්ථිනිය වන්නේ ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ වන බව එම විශ්ව විද්‍යාලය විසින් හඳුනාගනු ලැබ තිබේ.
සිය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයට ඇය විසින් සිදු කරන ලද අනූපමේය සේවය වෙනුවෙන් වූ උපහාර පිදීමේ උලෙළක් පසුගිය 28 වැනිදා ඇතුල්කෝට්ටේ පිහිටි අයිරාංගනී සේරසිංහ රංගවේදිනියගේ නිවසේදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආදී විද්‍යාර්ථීන්ගේ සංවිධානය, සාමාජිකයන් හා කලා මණ්ඩලය, ශිෂ්‍ය අනුශාසක කාර්යාලය සහ විනය ආරක්ෂක කාර්යාලය ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලැබ පැවැත්විණි.
සම්මානනීය රංගන ශිල්පිනියක වන ඇය මේ වන විට 97 වැනි වියේ පසුවන්නීය. ඇය කොළඹ සරසවියේ විද්‍යාර්ථිනියක වූයේ කොළඹ මණ්ඩපය ලෙස හැඳින්වූ සමයේදීය.
සිය රංගන ජීවිතය 1940 දශකයේදී කොළඹ සරසවියේ කිං ජෝර්ජ් ශාලාවෙන් ආරම්භ කළ ඇය ශ්‍රී ලංකාවේ ඓතිහාසික, අනුස්මරණීය මෙන්ම ජනප්‍රිය කලා නිර්මාණ රැසක රඟපෑ රංගවේදිනියකි.